චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark Carney මහතා හමුවී තිබෙනවා. ඒ අද(16) පෙරවරුවේ බෙයිජිං අගනුවර පිහිටි මහජන මහ ශාලාවේදී.

චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ද්විපාර්ශ්වික සබඳතා යළි ගොඩනැංවීම සක්‍රිය ප්‍රගතියක් ලබා ඇති බවයි. යහපත් චීන-කැනේඩියානු සම්බන්ධතා දෙරට යහපතට පමණක් නොව ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධියට ද වැදගත් බව ඔහු එහිදී සඳහන් කළා. ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා එහිදී යෝජනා හතරක් ඉදිරිපත් කර තිබෙනවා.

Mark Carney මහතා එම හමුවේදී කියා සිටියේ චීනය සමග තිරසර, ශක්තිමත් හා නවමු ආකාරයේ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ගොඩනැගීමට කැනඩාව කැමති බවයි. අන්‍යෝන්‍ය ගරුත්වය පදනම් කර ගනිමින් චීනය සමග අත්වැල් බැඳ ආර්ථික, වෙළඳ, බලශක්ති, කෘෂිකර්මාන්තය, මූල්‍ය, අධ්‍යාපන හා දේශගුණ විපර්යාසය ඇතුළු ක‍්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කිරීමට කැනඩාව අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.

එම හමුවීමෙන් පසු චීන හා කැනේඩියානු නායක හමුව පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ද නිකුත් කර තිබෙනවා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...