ටෙක්සාසයේ යුදෙව් දම්සලකට ප්‍රහාරයක්: ප්‍රාණඇපකරුවන් පැය 10 ක ට පසු මුදා ගනියි!

Date:

ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ යුදෙව් දම්සලක් සෙනසුරාදා උදෑසන දේව මෙහෙය අතරතුර ප්‍රහාරයට ලක් වුණා.පිපිරීම් සහ වෙඩි හඬ මැදින් පුද්ගලයන් 4 දෙනෙක් ප්‍රහාරකයා විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා. යුදෙව් දම්සලේ රාබිවරයා ද ඒ අතර සිටියා.

පැය 10 ක මෙහෙයුමකින් පසු ප්‍රාණඇපකරුවන් මුදා ගෙන තිබෙන අතර ප්‍රහාරකයා මරුමුවට පත් ව තිබෙනවා.

මෙම ප්‍රහාරය සිදුවුණේ උදෑසන ෂබාත් දේව මෙහෙය සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කරමින් සිටින අතරතුරයි.

”ඇමරිකාවට මොකක් හරි වැරදිලා..” යැයි ප්‍රහාරකයා මහ හඬින් කෑ ගසන ආකාරය එහි දැක්වෙනවා. සිය සහෝදරියව දුරකථනයට සම්බන්ධ කර ගන්නා ලෙසත්, තමන් මිය යන්නට සූදානම් බවත් ප්‍රහාරකයා පවසනවා.

ප්‍රහාරකයාගේ ඉල්ලීම වී තිබෙන්නේ ඇමරිකාවේ 86 අවුරුදු සිරදඬුවමක් විඳිමින් සිටින පාකිස්ථාන ජාතික ආෆියා සිද්ධික් නමැති න්‍යෂ්ටික විද්‍යාඥයා නිදහස් කරන ලෙසයි. සිද්ධික්, ඇෆ්ගනිස්ථානයේ රැඳවුම් භාරයේ සිටින අතරතුර ඇමරිකානු හමුදා නිලධාරීන් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනාවලට වැරදිකරු වූ අයෙක්.

AMALI JAYAWEERA – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...