අනිද්දා වෙනකං නම් විදුලිය කපන්නෙ නෑ – ලොකුගේ

0
420

අනිද්දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුම පිළිබඳව සහතික කළ හැකි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000 ක් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී තිබෙන බැවින් විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව සිදුකළ හැකි බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

ලබන 22 වැනිදා දක්වා විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් හෙට දිනයේදී ඛනිජ තෙල් බළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ලොකුගේ මහතා සඳහන් කරනවා. එහිදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් විදුලි සැපයුම පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔහු පවසයි.

විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් සංස්ථාවට පියවීමට තිබෙන බිලියන 80 න් සැළකිය යුතු ප්‍රමාණයක් යහපාලන රජය සමයේදී සිදුව ඇති ණය බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඒ් සඳහාද තමන්ට වගකීමට සිදුව ඇති බවයි. කොවිඩ් වසංගත තත්වය මත විදුලි පාරිභෝගිකයන්ට ලබාදුන් සහන හේතුවෙන් රුපියල් බිලියන 44 කට වැඩි ප්‍රමාණයක් අයකර ගත යුතුව තිබෙන බවත්, එම මුදල් ලැබුණහොත් විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින අර්බුදය සඳහා සැළකිය යුතු සහනයක් ලැබෙන ඇති බවත් ඔහු පවසනවා.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා දෛනිකව මෙගාවොට් 300 ක ධාරිතාවයක් අහිමි වන අතර එම ජනන යන්ත්‍රය 22 වැනිදා වනවිට යථා තත්වයට පත්වනු ඇති බවටද ලොකුගේ මහතා විස්වාසය පළ කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here