ශ්‍රීලනිපය හෙලිකොප්ටරයෙන් බහියිද ? – දිස්ත්‍රික්ක රැසක් ගැන තීරණය අද (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 18කින් තරග වදින ආකාරය සම්බන්ධයෙන් අද (16) දිනයේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

පොලොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් “අත” ලකුණ යටතේ තනිවම තරග වදින්නැයි ශ්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් දැඩි ඉල්ලීම් ලැබී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ප්‍රශ්නය – හෙලිකොප්ටරයෙන් බහින්න තීරණය කළාද ?

“නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව 16 වෙනිදා 06.00 ට කැඳවන්න තීරණය කළා. ඒකෙදී සියලුම පාර්ශ්වකරුවන් එක්ක අවසාන තීන්දුවක් ගන්න තීරණය කළා. උතුරු – නැගෙනහිර, පොලොන්නරුවේ විශාල වශයෙන් ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා අපේක්ෂකයින් ගණනාවකට”

ප්‍රශ්නය – හෙලිකොප්ටරයෙන් බහින්න කියලා බලපෑම් ඇවිල්ලා තියෙනවාද ?

“නෑ, නෑ, නෑ. එහෙම දෙයක් නෑ. හෙලිකොප්ටරයෙන් දිස්ත්‍රික්ක 18ක ඡන්දෙ ඉල්ලනවා. විශේෂයෙන් පොලොන්නරුව ගත්තාම විශාල ඉල්ලුමක් තියෙනවා පොලොන්නරුව අත ලකුණින් හිටපු ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් යන්න කියලා. ඉතින් අපි හැමෝම ඒකට කැමතියි. ඒ කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ඒ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු කෙරෙනවාට”

ප්‍රශ්නය – ඒ ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය මොකකද ?

“එතුමා රජරට නෙ. රජරට මිනිස්සුන්ගෙන් පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. ඒ නිසා එතුමා රජරටට නායකත්වය දෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...