පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Date:

වලස්මුල්ල ප්‍රදේශයේ ගල්වල නමැති ස්ථානයෙහි දිය නාමින් සිටි පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්වූ පොලිස් සැරයන්වරයකු අද (16) අලුයම වලස්මුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකි.

සැකකාර පොලිස් නිලධාරියා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙහි පුහුණුවකට ගොස් සිටින අතර සති අන්ත නිවාඩුව සඳහා ගමට පැමිණ සිටියදී ඊයේ සවස මෙසේ දිය නාමින් සිටි පිරිමි ළමුන් දෙදෙනාට ලිංගික අතවර කර ඇති බවට වලස්මුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත්වූ 16 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...