*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඉලංගෙයි තමිල් අරසුකච්චි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙයි?

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී මෙවර පළාත් පාලන මැතිවරණයට තනිවම ඡන්දය ඉල්ලීමට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා තීරණය කර ඇත. මෙයට හේතුව දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ කීපයක් එක් වී නව සන්ධානයක් ආරම්භ කිරීමයි.

දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ පක්ෂ ගණනාවක් එක්වී නව සන්ධානයක් හැදීමට පෙරේදා (14) යාපනයේදී ගිවිසුම් අත්සන් කල අතර එම සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය නමින් පහන ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කරනු ඇත.

නව සන්ධානයේ, දෙමළ ජාතික සන්ධානයේ සිටින සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, ශ්‍රී කාන්තා ඇතුළු තව කීප දෙනෙක් එක් වී ඇත. ඒ අනුව ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ ජාතික පක්ෂය, ඇතුළු පක්ෂ කීපයක් නව සන්ධානයක් ඇති කරන ගිවිසුමට අත්සන් කර ඇත.

තව දුරටත් ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා,

“දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් සොයන ගමනේ පක්ෂ පහක් එකතුවී ගිවිසුම් ගතවී තබෙනවා. මේ සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට පමණක් නොව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන ගමනේ එකතුවෙලා ගමන් කරන්න තීරණය අරන් තිබෙනවා. ඒ ගමනේදී අපිත් එක්ක එකතු වෙන්න කැමැතිවන පක්ෂවලට අප ආරාධනා කරනවා. දෙමළ පක්ෂ සියල්ල එකතුවී කටයුතු කරන්න ඕනෙ කියන අදහස තමයි දෙමළ ජනතාවගෙන් නිතරම ඇසෙන්නෙ. ඒ නිසා මෙම නව සන්ධානයට එකතු වෙන්න කියා උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහත්වරුන්ට අප ආරාධනා කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයෙන් ඉලංගෙයි තමිල් අරසුකච්චි ඔවුන්ගේ ලාංජනයත් සමඟ එළියට ගිහින් තිබෙන නිසා තනි පක්ෂයක් සමඟ ගමන් කිරීම අපහසුයි. ඒ ගමන විශ්වාස කරන්න බැහැ. ඒ නිසා අප වෙනම ගමනක් පටන් ගෙන තිබෙනවා. ඒත් එක්කම තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජාටත් අප අපේ නව සන්ධානයට එකතු වන ලෙස ආරාධනා කරනවා. නව සන්ධානයේ ගිවිසුමට අත්සන් කළ පක්ෂ නායකයන් ද මෙම මතයේ සිටිනවා.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan