සෞඛ්‍ය සේවක දීමනා ප්‍රශ්නය විසදන්න ඇමති දෙපළ සාකච්ජාවකට!

Date:

කොළඹ LNW:පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් මේ වන විට ආරම්භ අකර තිබෙන වැඩවර්ජනයට අදාළව එම ඉල්ලීම් ඉටුකිරීමේ හැකියාව පිළිබඳ වැඩබලන මුදල අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දහස් ගණනක් විශාල අපහසුතාවට පත්ව සිටින අතර ගැටලුව කඩිනමින් නිරාකරණය කර ගත යුතු බවට රජයේ පාර්ශවයෙන් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටළුව මතුවුණි.

වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබා දෙන දීමනා රුපියල් 35,000 කින් වැඩි කරන ලෙසයි පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඉල්ලා සිටින්නේ.

පසුගිය 09 වැනිදා සිට දින තුනක් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වූ අතර රෝගී ජනතාවගේ සහයට යුද හමුදාවද කැඳවීමට රජය කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ඊට සාධනීය ප්‍රතිචාරයක් රජය පාර්ශවයෙන් ඉටු නොවීම නිසා අද දින යළි වැඩවර්ජනයක් කැඳවීමටයි පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් තීරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...