සෞඛ්‍ය සේවක දීමනා ප්‍රශ්නය විසදන්න ඇමති දෙපළ සාකච්ජාවකට!

Date:

කොළඹ LNW:පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් මේ වන විට ආරම්භ අකර තිබෙන වැඩවර්ජනයට අදාළව එම ඉල්ලීම් ඉටුකිරීමේ හැකියාව පිළිබඳ වැඩබලන මුදල අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දහස් ගණනක් විශාල අපහසුතාවට පත්ව සිටින අතර ගැටලුව කඩිනමින් නිරාකරණය කර ගත යුතු බවට රජයේ පාර්ශවයෙන් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටළුව මතුවුණි.

වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබා දෙන දීමනා රුපියල් 35,000 කින් වැඩි කරන ලෙසයි පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඉල්ලා සිටින්නේ.

පසුගිය 09 වැනිදා සිට දින තුනක් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වූ අතර රෝගී ජනතාවගේ සහයට යුද හමුදාවද කැඳවීමට රජය කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ඊට සාධනීය ප්‍රතිචාරයක් රජය පාර්ශවයෙන් ඉටු නොවීම නිසා අද දින යළි වැඩවර්ජනයක් කැඳවීමටයි පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් තීරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යෙෂ්ඨ චිත්‍ර කතා ශිල්පියෙකු වන බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ චිත්‍ර කතා...

ඇත් ලකුණ දරන ශ්‍රී ලංකා රගර් හී බස්නාහිර දළ කාරයන් එක පෙළට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: බස්නාහිර පළාත් රග්බි පාපන්දු...

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගැන සොඳුරු මතකයක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර...