*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ජනතාව ලක්ෂ 12ක ණය කාරයින් කර ජනාධිපති සවාරි යන්න ලක්ෂ 2000ක් වෙන් කරගෙන – සජිත් (VIDEO)

කොළඹ LNW: රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිගේ සංචාර සදහා ලක්ෂ 2000ක් වෙන් කරගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (15) සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ 67 වැනි අදියර යටතේ රත්මල්ගහවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

චෝක් බෝඩ් එකෙන් ස්මාර්ට් බෝඩ් එකට අධ්‍යාපනය වෙනස් විය යුතු කාලයේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000 ක් වෙන් වෙන බවත් රටේ සම්පත් හිගතාවක් ඇතිව තිබෙන මොහොතක ජන ජීවිත කඩා වැටී ඇති මොහොතක කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති මොහොතක මෙවන් සුවිශාල මුදලක් වෙන් කර තිබීමම ප්‍රශ්නයක් බවයි ප්‍රේමදාස මහතා පෙන්වාදෙන්නේ.

නැනෝ පොහොර,කාබනික පොහොර හොරකම් කර සැම කෙනකුගේම ජන ජීවිත විනාශ කර ණය බරතාව ඉහළ නංවා සැම පුද්ගලයකුම රුපියල් ලක්ෂ 12ක ණය කාරයෙක් බවට පත් කර ඇති බවයි හෙතෙම පැවසුවේ.

2019 තමා විසින් කාන්තාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය ගැන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ අවස්ථාවේ එයට මඩ ගසා එම ප්‍රතිපත්තියයට කර ජනාධිපතිවරණය ජයගත් නමුත් අදටත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවෙන බවත් රටේ මෝඩ කතා කිය කිය මෝඩ විහිලු කර කර සිටින බවත් මේ මෝඩ තීන්දු නිසා රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙලෙස මෝඩ තීන්දු තවදුරටත් නොගෙන නවීන තාක්ෂණය හා සම්බන්ධ වී කෘෂිකර්මාන්තය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධන කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

අධ්‍යාපනය යනු ලෝක පරිවර්තනය උදෙසා යොදා ගක හැකි බලවත්ම ආයුධය බවට නෙල්සන් මැන්ඩෙලා මහතා කියා සිටි බවත් එය යථාර්ථයක් බවට පත් කර ලෝකයේ වෙළෙද පොළට ගැලපෙන ලෙස අපේ රටේ ශ්‍රම වෙළෙද පොළ සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරන ලදී.

අවංකව පිරිසුදුව මේ රටේ අධ්‍යාපනය තුළින් රට ගොඩ ගත හැකි බැවින් අමනෝඥ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන් ගැන නොසිතා අමනෝඥ කතා කියනා පුද්ගලයන් ගැන නොසිතා යහපත් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙසයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 67ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 645ක් වැය කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan