Houthi කැරලිකරුවන් ප්‍රහාර හමුවේ ලොව විශාලතම නැව් සමාගම් ගමන් මඟ වෙනස් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයේ වෙරළට ඔබ්බෙන් තිබූ එක්සත් ජනපදයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට Houthi කැරලිකරුවන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපදය කියයි.

කෙසේවෙතත් මාෂල් අයිලන්ඩ්ස් ධජය සහිත යාත්‍රාව ඒඩන් බොක්කෙහි සිය ගමන දිගටම කරගෙන යන බවට විදෙස් මාධ්‍ය තොරතුරු සපයයි.

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළ කරමින් ඉරානයේ පිටුබලය ලබන Houthi කැරලිකරුවන් පසුගිය නොවැම්බර් මාසයේ සිට නැව්වලට ප්‍රහාර එල්ල කරනු ලබන අතර, නැව් සමාගමක් වන Eagle Bulk Shipping පවසන්නේ එම නෞකාවේ වානේ නිෂ්පාදන රැගෙන යමින් සිටි අතර එයට ප්‍රහාර එල්ල වන විට ඒඩන් බොක්කෙහි වෙරළට කිලෝමීටර 160 ක්පමණ දුරින් තිබූ බවයි.

නෞකාවට සීමිත හානියක් සිදු වූ නමුත් ස්ථාවරව පවතින හෙයින් එම ප්‍රදේශයෙන් පිටතට ගමන් කරමින් පවතින බවද සඳහන් වන අතර, රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහනය කරන නැව්වලට Houthi කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා ලොව විශාලතම නැව් සමාගම් බොහොමයක් ගමන් මග වෙනස් කර ඇති අතර එමගින් ගෝලීය වාණිජ්‍යයට විශාල බාධාවක් ඇතිව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය සතියේ එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදා යේමනයේ Houthi ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේ නැව් ගමනාගමනයට එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...