ගුවන් හමුදා නිළධාරිනියකගේ හිස මත පැළදි “මිස් ඇමෙරිකා – 2024” කිරුළ!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ගුවන් හමුදාවේ දෙවන ලුතිනන් සහ හාවඩ් කෙනඩි පාසලේ රාජ්‍ය ප්‍රතිපත්ති වැඩසටහනේ මාස්ටර් ශිෂ්‍යයෙකු වන 22 හැවිරිදි “මැඩිසන් මාෂ් (Madison Marsh)” ඉකුත් ඉරිදා රාත්‍රියේ ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හි පැවති “2024 මිස් ඇමෙරිකා” තරඟයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූ සුරූපිණිය විය.

Business insider

කොලරාඩෝ ප්‍රාන්තය නියෝජනය කළ ඇය, මෙම ජයග්‍රහණය ලැබූ පළමු ක්‍රියාකාරී රාජකාරි ගුවන් හමුදා නිලධාරිනිය ද වේ.

CTV News

මිස් ඇමරිකා තරඟයේ ටෙක්සාස් හි Ellie Breaux පළමු අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ම මෙන්ම කොලොම්බියා දිස්ත්‍රික්කයද නියෝජනය කරමින් තරඟකරුවන් පනස් එක් දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය.

අවසන් පූර්ව තරගකරුවන් 11 දෙනෙකුට සීමා කරන ලද අතර 10ක් මූලික විනිශ්චයකරුවන් විසින් තෝරා ගන්නා ලදී. එක්සත් ජනපදය පුරා සිටින රසිකයින් සහ අනුගාමිකයින් සඳහා විවෘත මහජන ඡන්දයකින් පසු අවසන් ජයග්‍රාහිකාව තෝරා ගන්නා ලදී.

CNN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...