අපේ ජයග්‍රහණය තහවුරුයි!

Date:

කොළඹ LNW: මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරන බවට සමීක්ෂණ වාර්තා පවසන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිලිවෙල කෙරෙහි ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රීලාංකීය ප්‍රජාවේද බහුතරයක් විශ්වාසය තබා ඇති බවයි.

දේශපාලන නායක්තවය වෙනස් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වැටී තිබෙන දුෂ්කර තත්වයෙන් රට ගොඩගත නොහැකි අතර මහජන විස්වාසය ගිලිහීමෙන් රටේ අනෙකුත් දේශපාලන බලවේග මේ වනවිට බරපතල පිරිහීමකට ලක්ව ඇති බව රත්නායක මහතා කියාසිටියි.

ජාතික ජන බලවේගය රට ගොඩනැගීමට අදාළව ඉදිරිපත්කර තිබෙන ප්‍රායෝගික විසදුම් යෝජනා පිළිබඳව රටේ මහජනතාව විශාල උනන්දුව දක්වමින් තිබෙන බවත් එම දේශපාලන යෝජනා මාලව මහජන සංවාදය සදහා එළඹෙන මාර්තු මාසයේ ජනතාව අතට පත් කිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු පවසයි.

ජාතික ජන බලවේගය කෙරෙහි මේවන විට රටේ ජනතාව තබා තිබෙන විශ්වාසය කිසිම අයුරකින් පළුදු නොකරන බවට සහතික කරන බවද බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

එමෙන්ම ජාතික ජන බලවේගයට ජනතා විරෝධී කදවුරු නියෝජනය කරන කිසිවකු සමඟ කිසිම දේශපාලන ගනුදෙනුවක්, ඩීල් එකක් නොමැති බවත් වැඩිදුරටත් ඔහු පවසයි.

බිමල් රත්නායක මහතා මෙම අදහස් දක්වා සිටියේ පසුගියදා ෆින්ලන්තයේ අධ්‍යාපන කේන්ද්‍රීය නගරය ලෙස සැලකෙන යුවස්කුලා නගරයේ උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකය ශිෂ්‍යන් ප්‍රමුඛ පිරිස අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...