වත්මන් ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයා හැඩ හැඩගැන්වීම…?

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 16 කොළඹ (LNW): අපි බොහෝ දෙනෙක් 1948 දී නිදහස් වූ බව සිතන්නෙමු.එය මටත්,අප කාටත් අදාළය.එහෙත් යම් යම් දේ සිතනවිට ඒ හැඟීම් චංචල වන්නේය.අපි කාගේ හෝ අදහසක බලයේ සිර වී සිටින්නෙමු.මෙය ක්‍රීඩාවට ද අදාළය.ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවද ඇත්තේ ඒ සර්වඥ කුලකය ඇතුළේමය.

මේ වන විට අපි විශාල පිරිසක් සමාජ මාධ්‍ය ප්‍රමුඛ කර ගනිමින් 1948 සිට පැවති දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතු බව පවසන්නෙමු.එහි තේරුමම වෙනත් ක්‍රියාකාරකම්වලදී අපි අතරින් නිශේධනය වන්නෙමු.උදාහරණයකට පාර්ලිමේන්තුවේ 225 ම ප්‍රතික්ෂේප කරන බව කියා,නැවත 225 ම එකඟයි කියා ඒ අනුව ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතු බව කියති.

දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය නිසා තරග නරඹන්නේ නැති බව සමහරුන්ගේ අදහසය.කැරට් කිලෝ එකක ගණන ⁣හෝ කෑමට ගන්නා ආහාර ද්‍රව්‍යයක ගණන් කියමින් කන්නට විදිහක් නැති බව කියා කන්නලව් කරන අයටම මිනිස්සු තරඟ නොබැලීමේ හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයම වීම තේරුම් ගැනීමට අපහසුය.පොත් ලැයිස්තුව පියවා ගැනීමට රටේ විශාල දරුවන් ගණනකට ප්‍රශ්නයක් බව කීම ද ,ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් ඉඟියක්ය.

නමුත් කවුරු හෝ එය වැහෙන්නට ක්‍රිකට් ඉදිරියෙන් විශාල කර තැබූ විට නොපෙනෙන්නේ රටේ ආර්ථික තත්ත්වය ය.අපි ආයෙනම් මේ දේශපාලනයට අහු නොවෙන බව කීම, යම් ආකාරයකට එවැනි කියුම්වලින් නිශේධනය නොවන්නේ ද?

කලෙක සිට ලංකාවෙ ප්‍රේක්ෂකයා අපේක්ෂා කරන ක්‍රිකට්වල ලක්ෂණ දෙකක් පැහැදිළිය.ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ජයගත යුතු වන්නා සේම,එහි තමන් කැමති ක්‍රීඩකයන් සිටිය යුතුය.අකමැති ක්‍රීඩකයන් නොසිටිය යුතුය.එසේම කවුරුත් හෝ ගෙනවිත් දමන තර්කයකට කණ්ඩායම තුළින් තමන් අපේක්ෂා කරන කණ්ඩායම නොවන්නේනම්,ඔහු හෝ ඇය එකඟවන්නේය.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මේ මොහොතේ කවුරුත් හෝ සිතනාකාරයට එය හොඳම කණ්ඩායම ලෙස පිළිගත නොහැකිනම්,ඒ හා තවත් දෙයක් පැහැදිළිය.එ’නම් ශ්‍රී ලාංකේය ජයග්‍රහණය ගැන පමණක් හිතන ප්‍රේක්ෂකයෝද හිඟ වෙති.

මේ අසීරු තත්ත්වය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාළකයෝ ප්‍රේක්ෂකයන් තරග නැරඹීම සඳහා ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම යොදමින් සිටිති.එසේ නොපැමිණීමෙන් ආස්වාදය ලබන්නෝද සිටිති.ඔවුන් නොපැමිණීමට දිරි දෙති.එම තත්ත්වය සළකා බැලුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්,එහි උන්නතියට,ප්‍රවර්ධනයට සහ ප්‍රචලිත වීමට නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව කියන පිරිසද,තරග නැරඹීම අධෛර්යමත් කරන ප්‍රචාරනය මඟින් කරන්නෙ ක්‍රිකට් ප්‍රවර්ධනය නම් නොවේය.

ඒ නිසා මේ මොහොතේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව”,වෙනත් න්‍යාය පත්‍රවලින් තොරව ක්‍රීඩාව කෙරෙහි පමණක් වූ නැමියාව සහිත ප්‍රේක්ෂකාගාරයකින්ද නො’යුක්ත බව අපේ අදහසය.දිනන කණ්ඩායමක් මෙන්ම,ශ්‍රී ලංකාව නියෝජනය කරන ඕනෑම කණ්ඩායමක ජයග්‍රහණය අපේක්ෂා කරන ලාංකේය හැඟීම එක කරගත් ප්‍රේක්ෂකාගාරයක්ද අපට අවශ්‍ය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...