ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ජින්තුපිටිය 125 වත්ත නම් කොටසේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සිද්ධියේදී වෙඩි වැදීමෙන් තවත් කුඩා පිරිමි දරුවකු සහ ගැහැණු දරුවකු ද තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...