ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයට අද ජපානයට එරෙහිව සහභාගි වෙනවා.නැමීබියා අගනුවර වන වින්ඩ්හෝක් හී පැවත්වෙන මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව සභභාගි වූ පෙරහුරු තරග දෙකම හොඳින් ක්‍රීඩා කර ජය ගබා සිටීම මෙන්ම ප්‍රතිවාදීන් සිය රටෙන් තවමත් ක්‍රිකට් ඉගෙන ගනිමින් සිටින ජපානය වීම නිසාත් මෙම තරගය ශ්‍රී ලංකාවට තර්ජනයක් වීමට ඇති ඉඩ අවමයි.එහෙත් ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රිඩාවක් බැවින් ශ්‍රී ලංකාව මෙම තරගයේදීත් සිය උපරිමය යෙදීම ගැන සළකා බලනු ඇත.


ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ඒ කාණ්ඩය නියෝජනය කරන බැවින් එහිදී ඔවුන්ට ප්‍රිවාදීන් ලෙස හමුවන්නේ ජපානය,අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාවයි.මෙම තරග වටයෙන් පසුව නැවතත් ඒ කාණ්ඩයේ කණ්ඩායම්වලට ඩී කාණ්ඩයේ කණ්ඩායම් සමඟද තරග කළ යුතු ආකාරයට කාල සටහන සකස් වී ඇති බැවින් එම කාණ්ඩයේ සිටින බටහිර ඉන්දීය කොදෙව්,ඇෆ්ගනිස්තානය,දකුණු අප්‍රිකාව සහ ටැන්සානියාව යන කණ්ඩායම් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව සහභාගි වන කාණ්ඩයේ සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායමට ශ්‍රී ලාංකේය සමභවයක් සහිත ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රීඩා කරනවා.ඒ නිතේෂ් සැමුවෙල් සහ නේදන් කුරේ යන දෙදෙනායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...