ග්‍රෙනේඩ් නාඩගම ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක් (VIDEO)

Date:

අදටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්නට ආණ්ඩුව සමත් වී නැති බවත් අදාළ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෑතකදී බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයෙන් ග්‍රෙනේඩ් බෝම්බයක් හමුවමේ සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ වල ස්වභාවය හේතුවෙන්ම අදාල සැකය තවදුරටත් තීව්‍ර්ර වන බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම, අතිඋතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ කරන ඉල්ලීම පවා මායිම් නොකරන ආණ්ඩුව මේ සියල්ල විහිළුවකට ගෙන ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, පාස්කු ප්‍රහාරයට මුවාවී බලය ලබාගත් ආණ්ඩුව, අද ඒ සියල්ල අමතක කොට ඇතැයි ද ප්‍රකාශ කළේය.

අද වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ සැකයක්,මුළු මහත් සමාජය තුළම නිර්මාණය වී ඇතැයි ද, ආණ්ඩුවේ සැකකටයුතු හැසිරීම සහ අදාළ පරීක්ෂණ පිළිබඳව ඇති මන්දගාමි ස්වරූපය ඒ බව මනාව ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු චූදිතයින් සියලු දෙනාට සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් තුලින් ලබාදිය යුතු උපරිම දඬුවම ලබාදීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ ආණ්ඩුව යටතේ එවැන්නක් බලාපොරොත්තු වීම විහිළුවක් බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මස්කෙලිය පැවති ජන හමුවකට ඊයේ (16) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...