මෝදිටත් යොහානිගේ මැණිකෙට හිත යයි – උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයටත් මැණිකේ මගේ හිතේ !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය භාවිතා කර තිබෙනවා.

එම ගීතය සඳහා ‘Yehi Modi, Yehi Yogi, Upyogi, Sahayogi’ නමින් හින්දි පද රචනයක් නිර්මාණය කර භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ තේමා ගීතය ලෙස භාවිතා කරයි.

මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් ප්‍රාන්ත මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන යෝගිට ඡන්දය ලබාදිය යුතු බව එම ගීතයෙන් ප්‍රකාශ කරනවා.

විශාලතම ඉන්දීය ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ්හි ප්‍රාන්ත මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

මැණිකේ මගේ හිතේ ගීතය පසුගිය කාලයේදී ඉන්දියාව පුරා උන්මාදයක් ලෙස ජනප්‍රිය වූ අතර විවිධ ඉන්දීය භාෂාවලින් මෙන්ම අසල්වැසි රටවල භාෂා ගණනාවකින්ම මැණිගේ මගේ හිතේ ගීතයේ තනුවට ගීත නිර්මාණය කර තිබේ.

යොහානි සිල්වා සහ මැණිකේ මගේ හිතේ ගීතය මීට පෙර ඉන්දීය අගමැතිවරයාගේ පැසසුමට ලක් වූ අතර ඉන්දීය ජාතිකයන් කෝටි ගණනකගේ හිත දිනා ගැනීමට යොහානි සමත් වී ඇති බව ඔහු පවසා තිබිණි.

මීට පෙරද මැණිකේ මගේ හිතේ ගීතය බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය සඳහා යොදාගෙන තිබිණි. මහ ඇමති අපේක්ෂිකා මම්තා බැනර්ජි මෙම ගීතයේ බෙංගාල අනුවර්තනයක් නිර්මාණය කළ සිය ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කළාය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...