මේ රටේ ජනතාව පුනරුත්ථාපනය කරන්න ඕනෑ. එතෙක් රට ගොඩයන්නේ නෑ – ගම්මන්පිල

Date:

ශ්‍රී ලංකාවේ ජනතාව උගත් වුවත් බුද්ධිමත් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

“මේ රටේ ජනතාව උගත් ඇති, ඒත් බුද්ධිමත් නෑ. දියවැඩියා රෝගියා තමන්ට හානිකරයි කියලා දැන දැනම සීනිම කනවානෙ. කුඩු ගහන එකා තමන්ව විනාශ වෙනවා දැන දැනම කුඩුම ගහනවානෙ. ඒ වගේ බොරු කියන එකාට ඡන්දය දීම අපේ රටේ ඇබ්බැහිවීමක්. ඒ ඇබ්බැහිවීමෙන් පුනරුත්ථාපනය කරන්න ඕනෙ මේ රටේ ජනතාව. එතෙක් මේ රට නම් ගොඩයන්නෙ නෑ. දේශපාලකයින්ගේ ලොකුම බොරුව තමයි මේ රටේ ජනතාව හරි බුද්ධිමත් කියන එක. ඇන්දිල්ල පටන් ගන්නේ එතනින්. එතකොට කට්ටිය පිම්බිලා එනවානෙ, අපි පොරවල් කියලා”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...