ඉරාන ප්‍රහාර හේතුවෙන් පකිස්ථානයේ දරුවන් දෙදෙනෙකු මරුට

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 17, ලෝකය(අවුට්බවුන් ටුඩේ) :ඊයේ(16) දිනයේදී ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද කෘස් මිසයිල හේතුවෙන් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ හමුදාවට අනුබද්ධ පුවත් ඒජන්සියකට අනුව ජයිෂ් අල්-අඩ්ල් සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ කඳවුරු දෙකක් ඉලක්ක කර ගත් බවයි.

ජයිෂ් අල්-අඩ්ල් යනු සිස්ටාන්-බලුචෙස්තාන් හි ක්‍රියාත්මක වන වඩාත් ක්‍රියාකාරී සහ බලගතු සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන අතර පකිස්ථාන රජය ප්‍රහාර සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, කිසිසේත්ම පිළිගත නොහැකි ලෙස ඉරානය විසින් සිය ගුවන් කලාපය ප්‍රකෝපකාරී ලෙස උල්ලංඝණය කිරීමත්, පකිස්ථානය සහ ඉරානය අතර සන්නිවේදන මාර්ග කිහිපයක් තිබියදීත් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවීම වඩාත් කණගාටුදායක බවත්යි.

ඉරාන ප්‍රහාර පැමිණෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලබන පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට මැදපෙරදිග පුරා උත්සන්න වූ ආතතීන් මධ්‍යයේ ය.

ඒ අනුව, පසුගිය දින කිහිපය තුළ ඉරාකයට සහ සිරියාවට පසුව ඉරාන ප්‍රහාරයකට ගොදුරු වූ තෙවැනි රට පාකිස්තානයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරාන උත්තරීතර නායක කමෙනි කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා යොවුන්...

සමකාලීන තාරුණ්‍යය ජනප්‍රියවාදී ප්‍රවේශයකින් : වාලම්පූරි සහ දියමන්ති !

තරුණ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පූරි...