ඉරිදා සිට ඇමරිකාවේ ටික්ටෝක් තහනම්!

කොළඹ LNW: ඇමරිකාව තුළ ටික්ටෝක් සමාජ මාධ්‍ය භාවිතාව තවදුරටත් වළක්වාලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබේ.

ඒ අනුව එය හෙට (19) සිට ක්‍රියාත්මකයි.

ඇමරිකාව තුළ ටික්ටෝක් පරිශීලකයින් මිලියන 170ක් පමණ සිටින රට තුළ ඉතා ජනප්‍රිය සමාජ මාධ්‍ය මෙවලමක් මෙලෙස තහනමට ලක්ව ඇත්තේ එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයකට අනුවය.

ටික්ටෝක් චීන සමාගමකට අයත් යෙදවුමක් වන අතර ඒ හරහා චීනය එක්සත් ජනපදය තුළ ඔත්තු බැලීමට හෝ චීන හිතවාදී ප්‍රචාරණ කටයුතු දියත් කිරීම සදහා හෝ ටික් ටොක් භාවිතා කළ හැකි බවට ඇමරිකානු ආරක්ෂක අංශ සැකපළ කර ඇත.

ඒ අනුව ටික්ටොක් යෙදවුම ඇමරිකානු ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම හෝ එය ඇමරිකාව තුළ තහනම් වීමේ ඉරණම යන දෙනෙක් එකක් තෝරා ගැනීමට ටික් ටොක් මව් සමාගමට යෝජනා වී තිබේ.

ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට එළඹෙන සඳුදා දින ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් පාර්ශවයද එකඟතාව පළකර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...