නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ, පසුකලෙක එක්සත් ජාතික පක්ෂයේ පානදුර හිටපු නගරාධිපතිවරයා වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්වයක් හේතුවෙන් ටික කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු රාගම ශික්ෂණ රෝහලේදී අද (18) අලුයම, මීට මඳ වේලාවකට පෙර මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඔහු 63 වැනි වියේ පසුවිය.

නන්දන ගුණතිලක මහතාගේ අන්තිම කැමැත්ත අනුව ඔහුගේ දේහය වෛද්‍ය පීඨයකට ලබාදීමට නියමිත බවයි පවුලේ ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...