පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW:

මැලිබන් ජාතික රගර් ලීග් තරගාවලියේ පොලිසීය සහ යුද හමුදාව අතර පැවති තරගයේදී පොලිස් කණ්ඩායම,යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 30 – 10 ක ජයක් හිමි කර ගන්නට සමත් වුණා.පොලිස් ක්‍රීඩා පිටියේදී පොලීසිය හම ජයග්‍රහණය වාර්තා කරද්දී,සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායම ලොන්ඩන් පෙදෙසට කැඳවා ලකුණු 38 – 5 ක් ලෙස වූ දැවන්ත ප්‍රහාරයක් එල්ල කරන්නට යෙදුණා.


පොලිසිය සහ යුද හමුදා කණ්ඩායම් අතර තරගයේදී පොලිස් කණ්ඩායම උත්සාහක දිණුම් පහක් ද එහි සාර්ථක ප්‍රවර්ථනයක් සහ එක් නිදහස් පහරකින් ද සිය ලකුණු 30 ලබා ගන්නට සමත් වුණා.ඊට පිළිතුරු ලෙස පොලිස් කණ්ඩායමේ ප්‍රසන්න ජයතුංග සහ තරුන් වර්ණසූරිය විසින් රැස් කරන ලද උත්සාහක දිණුම් දෙකනේ ලකුණු 10 ක් හිමි වුණා.පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් පහෙන් දෙකක්ම වාර්තා කරන්නට සමත් වුණේ සුජාන් කොඩිතුවක්කුයි.හේෂාන් කල්හාර,කලිඔවා කුරුසෙසේ සහ සමීර ජයසිංහ උත්සාහක දිණුම් ලබා ගැනීමට සමත් වූ අතර ප්‍රින්ස් චාමර එක් නිදහස් පහරකින් ද,තාරුක පසිඳු පෙරේරා එක් ප්‍රවර්ථනයක් සාර්ථක කර දෙමින් ද පොලිස් කණ්ඩායමේ ලකුණු පූවරුව 30 දක්වා උසස් කරන්නට සමත් වුණා.මෙහි පළමු අර්ධය ගෙවන විට පොලිසිය ලකුණු 17 ක් සහ යුද හමුදාව ලකුණු 5 ක් ලබා සිටියා.

සීආර් කණ්ඩායමේ සවුලි බිලිවනුවා සහ චමෝද් මුතුනායක උත්සාහක දිණුම් දෙක බැඟින් ද,නවීන් මාරසිංහ සහ ඔමල්ක ගුණරත්න එක් උත්සාහක දිණුම බැඟින් ද වාර්තා කරමින් ගුවන් හමුදාවට එරෙහිව උත්සාහක දිණුම් හයක් වාර්තා කරන්නට සමත් වුණා.සුබයිර් දොරේ එම උත්සාහක හයෙන් හතරකම ප්‍රවර්ථන සාර්ථක කළ අතර ඒ අනුව සීආර් කණ්ඩායමට ලකුණු 38 ක් ලබා ගැනීමට හැකි වුණා.ඔවුන් පළමු අර්ධය නිමාවේම ලකුණු 19 ක් ලබා සිටි අතර ගුවන් හමුදාව ලකණු 5 ක් රැස් කරනු ලැබුවා.දෙවන අර්ධයේදී ඊට එක ලකුණක් හෝ එකතු කිරීමට ගුවන් හමුදාවට ඉඩ නොදෙමින් තවත් ලකුණු 19 ක් එක් කරන්නට කටයුතු කළා. ගුවන් හමුදා ලකුණු පූවරුවේ දකින්නට ලැබුණේ ශාමික කව්ශාන් මිලින්ද එකතු කළ නිදහස් පහර පහරින් ලද ලකුණු 5 පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...