අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW:

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මූලිකත්වය ගනිමින් සංවිධානය කරන LANKA RIDE පාපැදි සවාරියේ දෙවන දිනය නිමාවන වන විට පළමු දිනයේ දෙවන තැන සිටි සුරංග පෙරේරා සමස්ත තරගාවලියේ පළමු තැන ගන්නට සමත් වුණා. ඒ පළමු අදියර ජයගත් සඳරුවන් පිංතු දෙවන තැනට පත් කරමින්.තෙවන තැන රැඳෙන්නේ නාවික හමුදාවේ පීඩීඑස්පී චන්දිකයි.


තරග සවාරියේ දෙවන අදියර මහනුරව සිට අනුරාධපුරයට පැමිණි ගමනේ පළමුවෙන්ම තරගය නිම කරන්නට නාවික හමුදාවේ ප්‍රභාත් මධුශංක සිල්වා සමත් වුණා.ඔහු පැය 03:04:51 කාලයක් ගත කරනු ලැබුවා.අට දෙනෙකුගෙන් යුත් එම මුල් පොකුරේ සිටි ඩයමනඩ් රයිඩර්ස් ක්ලබ් හී සජිත් මධුරංග දෙවන අදියරේ දෙවැන්නා හැටියට තරගය නිමාවට පත් කළා.සිවිල් ආරක්ෂක බලකායේ චතුරංග සොයිසා දෙවන අදියරේ තෙවැන තැන දිනා ගනු ලැබුවා.


තරගාවලියේ පෙරමුණ ගෙන සිටින සුරංග පෙරේරා කඳු නැඟීමේ සූරයා (King of the Mountains) ලෙස ද කැපී පෙණෙන දස්කම් දක්වමින් සිටින අතර ස්ප්‍රින්ට් සූරයා ලෙසද පෙරමුණ ගෙන ඇත්තේ සුරංගයි. දෙවන දිනයේදී මේ දස්කම් සඳහා පිරිනැමෙන සියළු ජර්සි සඳහා හිමිකම් ලැබුව ද, ඔහු තෙවන දිනයේ තරගයේදී අනුරාධපුර සිට කොළඹ බලා ඒමේදි පාපැදි ලෝලීන්ට දැක ගන්නට ලැබෙනු ඇත්තේ කහ ජර්සිය පැළද තරග වඳින ආකාරයයි.


අද තරගය වඩාත් තීරණාත්මක වනු ඇත.පළමුවැන්නාගේ සිට දසවැන්නා දක්වා අතර ඇත්තේ විනාඩියකට අඩු පරතරයකි.දහවන තැන සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දේශාන් තරුෂ සහ පළමු තැන සිටින සුරංග අතර පරතරය තත්පර 59 කි.දින දෙකක් ගෙවෙන තැන පළමු තැන සිටින සුරංග පෙරේරා පැය 5:58:57 ක කාලයක් ගත කර ඇති අතර තරගකරුවන් මේ තරගයේදී පැයට කිලෝමීටර් 40 ඉක්මවා තරග කරමින් සිටියි.නේක වර්ණ සේද සළු පොකුරක් සසැලෙන සේ අද දිනයේ අනුරාධපුර සිට කොළඹ එන පාපැදි ක්‍රීඩකයන් මඟ දිගට මවන වර්ණ රටාවන් අත් විඳින ගමන් ක්‍රීඩාලෝලීන් ඔවුන්ට වඩාත් වේගයෙන් ඒ වර්ණ චලනය සඳහා ඉඩ විවර කර තැබුමට මඟ දෙපස බාධාවක් ඇති නොවන සේ තරගය නැරඹීම ද වැදගත්ය.


අද තරගයේ දී කණ්ඩායම් සූරතා සංකල්පය තරගයක වේගයට මෙන්ම උපක්‍රමශිලීත්වයට ද බෙහෙවින් බලපාන අතර ඒ සඳහා පෙරමුණේ සිට තරග කරන යුද හමුදා කණ්ඩායමත්,ඊට අභියෝග කරන්නට ආසන්නයේම සිටින ගුවන් හමුදා කණ්ඩායමත් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දක්වන සටන්කාමීත්වය සමස්ත තරගයේම ප්‍රතිපලයට වඩාත් ආලෝකයක් එක් කරනු නිසැකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...