සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ලද විස්සයි විස්ස ලීග් තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව වන්නට බ්ලූ කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක් වූ සත්‍යා සංදීපනී සමත් වුණා.ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථාන හිමි ක්‍රීඩිකාවන් අතරින් ඇය මෙම ඇගයීමට ලක්වීම විශේෂයි.


සත්‍යා පිතිකරණයේදී ඉණිම 7 ක් තුළ නොදැවීම් දෙකක් ද සමඟ එක් අර්ධ ශතකයක් සහිතව ලකුණු 112 ක් රැස් කර ගන්නට සමත් වුණා.පන්දු යැවීමේදී තරග 7 ක් තුළ ඇය විසින් දවා ගත් කඩුලු සංඛයාව 8 ක්.පිතිකරණයේදී වැඩිම ලකුණුලාභින් අතර ඇය සිටින්නේ හයවන තැන වන අතර පන්දු යවන්නියන් අතර පස්වන තැනට පත්ව සිටිනවා.


අවසාන තරගයේදී ප්‍රබල බ්ලූ කණ්ඩායම පරාජය කරන්නට ප්‍රධාන වශයෙන් දායක වූ ක්‍රීඩිකාව වූ ග්‍රීන් කණ්ඩායමේ අත්දැකීම් බහුල ඕෂධී රණසිංහ අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා.ඇය ලකුණු 17 ට කඩුලු 4 ක් සවා ගනිමින් ලකුණු 95 ට බ්ලූ කණ්ඩායම දවා ගන්නට මූලික වූවා.එසේම අවසාන තරගයේ ජයග්‍රහණය කඩුලු හයක ජයක් සඳහා පුළුල් කරන්නට ක්‍රියා කළ ඕෂධී නොදැවී ලකුණු 16 ක් රැස් කරන්නට ද සමත් වුණා.


පිතිකරණයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරමින් හොඳම පිතිකාරිණිය වූයේ හසිනි පෙරේරා යි.ඇය ඉණිම හතක් තුළ ලකුණු 248 ක් රැස් කරන්නට සමත් වුණා.සූරතාවය දිනා ගත් ග්‍රීන් කණ්ඩායමට නායකත්වය දෙමින් එහි වගකීමද උරමත තබාගෙන ක්‍රීඩා කළ ඇයගේ පිත්තෙන් වාර්තා වුණ වැඩිම ලකුණු සංඛ්‍යාව 74 ක් වූ අතර අර්ධ ශතක දෙකක් ඇයගේ නම ඉදිරියේ සටහන්ව තිබුණා.
පන්දු යැවීමේදී වැඩිම කඩුලුලාභිණිය වූයේ චමෝදි ප්‍රබෝධා යි.අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් සිටි රෙඩ් කණ්ඩායමට නායකත්වය දෙමින් චමෝදි පෑ මේ දස්කම අදට වඩා හෙට ගැන බලාපොරොත්තු ඇති කරන සහ ජාතික කණ්ඩායමට ඇයට ඇති දුර අඩු කරන දස්කමක් හැටියට ගත හැකියි.
සූරතාවය හසිනි පෙරේරා නායකත්වය දැරූ ග්‍රීන් කණ්ඩායමට සහ අනු සූරතාවය හර්ෂිතා සමරවික්‍රම නායකත්වය දැරූ බ්ලූ කණ්ඩායමට හිමි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...