තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)

Date:

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන හෙයින් IOC සමාගමෙන් ඉදිරියට ඉන්ධන ලබාගැනීම ගැන අද (18) පැවති සාකච්ජාවද සාර්ථක වී නැති අතර ඔවුන් සතුවද අතිරික්ත තෙල් සංචිත නොමැති වීම නිසා හෙට දිනයෙන් පසු විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා කාලසටහනක් සකස් කරන බව විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කෙසේවෙතත් ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම තෙල් නැව නිදහස් කරගැනීමට හැකි වුවහොත් විදුලිය විසන්ධි කිරීමකින් තොරව පද්ධතිය පවත්වාගෙන යා හැකි නමුත් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් කාලසටහනක් මඟින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ලොකුගේ අමාත්‍යවරයා කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...