ජනතාවට කැපකිරීම් කරන්න කියමින් පාලකයෝ සැප විඳිනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රටේ ජනතාවට තුන්වේල කන්න එපා කියන පාලකයින් ඒ අතරේ සැප විඳිමින් සිටින බවත් අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා කටයුතු කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ”සසුනට අරුණ – වැවයි දාගැබයි ගමයි පන්සලයි” දීප දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ගොටුවල ශ්‍රී නාගරුක්ඛාරාමයේ විහාරාධිපති අම්පාර ධර්මාශෝක ධර්මායතන පිරිවෙනහි නියෝජ්‍ය පරිවෙණාධිපති, පූජ්‍යපාද රිල්පොල විමලකිත්ති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව ඉදිකරනු ලැබූ “ශ්‍රී සම්බුදු මහා සෑ රදුන් වහන්සේගේ” කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ සධාතුක ධාතු කරඬුව තැන්පත් කිරීම ශ්‍රීමත් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදු කරනු ලැබීය.

වීරත්වය, සුරත්වය පෙන්වමින්, බොරු ප්‍රෝඩාකාරී අන්දමින් බලය ලබාගත් උදවිය අද රට විනාශ කරන බවත්,ඩොලර් නැතිව රට බරපතළ අර්බුදයකට යාමට හේතුව වසර දෙකක ශාපය බවත් එහිදී පැවසූ විපක්ෂ නායකවරයා, ශාපකාරි දුර්වල ආර්ථික කළමනාකරණය නිසා රට දිනෙන් දින විනාශ වෙමින් තිබෙන බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...