*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

වී වගාව ආශ්‍රිත කොළ හකුළුවන දළඹු රෝගයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): දිවයිනේ ඇතැම් ප්‍රදේශවලවලින් නාඳුනන දළඹු විශේෂයක් වී වගාව ආශ්‍රිතව පවතින බවට ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති නමුත්, දළඹු විශේෂය හඳුනා නොගත් දළඹු විශේෂයක් නොව වී වගාව ආශ්‍රිතව සාමාන්‍යයෙන් පවතින කොළ හකුළුවන දළඹු රෝගය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම රෝගය පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ ආයතනය විසින් නිලධාරීන් පිරිසක් යොදවා එම දළඹු රෝගය වාර්තා වන ප්‍රදේශවල මූලික අධ්‍යයනයක් සිදු කළ අතර, දිවයිනේ ප්‍රදේශ ගණනාවක එසේ පැතිරෙමින් තිබෙන්නේ කොළ හකුළුවන දළඹු වසංගතය බව එම නිලධාරීහු අනාවරණය කළ බවයි.

වී වගාව ආශ්‍රිතව වාර්තා වන මෙම රෝග තත්ත්වය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව සඳහන් වේ.

බතලගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කරන ආකාරයටම විශේෂයෙන් මෙම රෝග තත්ත්වය අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ මහවැලි ප්‍රදේශ ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල ඇති කුඹුරුවල පවතින බවට වාර්තා වේ.

මෙම රෝගයෙන් වගාවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර, අද (18) දින ගල්ගමුව ප්‍රදේශයෙන් එම කටයුතු ආරම්භ කර ඇති බව පැවසේ.

මෙම දළඹු විශේෂය අලුත් විශේෂයක් නොවන අතර, පවතින කාලගුණික හා දේශගුණික වෙනස්කම් නිසා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි කොළ හකුළුවන දළඹු විශේෂ වන අතර, රෝග තත්ත්වය බරපතලව පවතින්නේ නම් සාමාන්‍ය පළිබෝධ පාලන ක්‍රමවලින් පාලනය කළ නොහැකි අතර, ඒ සඳහා පළිබෝධනාශක භාවිත කිරීමට සිදු වන බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

එමඟින් කොළ හකුළුවන දළඹු රෝගය පාලනය කිරීමට හැකි බවත්, මේ සඳහා පහත සඳහන් පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති බවද සඳහන් වේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan