අලුත් ජනාධිපති අපේක්ෂකයෙක් අපි ගේනවා – මිහින්තලාරාමාධිපති අදත් CID යයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): අද (18) දින මිහින්තලාරාමාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියන් සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ යළිත් පැමිණිලි කිරීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නායක හිමියන් පැවසුවේ,

” මගේ ආරක්ෂාව නැති වෙලා තියෙනවා..මට මරණ තර්ජන කරා..ඒ පුද්ගලයෝ ගැන තාම හොයල නෑ..මට කෝටියක් කප්පං ගෙවන්න සල්ලිත් නෑ.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරපු පැමිණිල්ලේ ප්‍රගතියක් නෑ.. මිහින්තලේ පුද භූමියේ ආරක්ෂාවත් අඩුවෙලා..මිනිස්සුන්ට පන්සල් වලට දානෙ දෙන්න වත්කමක් නෑ..මිනිස්සුන්ට ආර්ථික අපහසුතා. එළවළු මිලක් ඉහළ ගිහින්..දායකයන්ට දානේ දෙන්න විදිහක් නෑ.. මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ..දැනට ඉන්න කිසිම ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් විසඳුමක් නෑ.. අපි අලුත්ම කෙනෙක් වගේ එනවා. ජනාධිපතිවරණය ආවහම අපි අලුත් විකල්පයක් හොයනවා. අලුත් ජනාධිපති අපේක්ෂකයෙක් අපි ගේනවා”

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා සහ නීතිඥ උපාලි රත්නායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...