ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් තායිලන්තයේ පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක  සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මධ්‍යම තායිලන්තයේ ගිනිකෙළි කම්හලක මෙම පිපිරීම සිදුව ඇත.

බැංකොක් අගනුවරට කිලෝමීටර් 120ක් උතුරින් පිහිටි සුපන්බුරි පළාතේ දුෂ්කර ප්‍රදේශයක කම්හල පිහිටා ඇති බව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නැත.

පෙබරවාරි 10 වනදාට යෙදෙන චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් නිපදවූ ගිනිකෙලි මෙහි ගබඩා කර තිබූ අතර, මීට පෙර පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේදී ද මෙම කම්හලේදී සිදුවූ අනතුරකින් එක් සේවකයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේදී, දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක ඇති වූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...