දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නොර්වේ සහය!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම සමස්ත කර්මාන්තයේම විශාල පරිවර්තනයක් සිදුකිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ පූර්ණ සහයෝගය ලබාගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නව දිල්ලියේ නෝර්වේ තානාපති කාර්යාලයේ හා නෝර්වේ සාගර පර්යේෂණ ආයතනයේ විශේෂ නියෝජිත පිරිසක් අතර නිල සාකච්ඡාවක් ඊයේ (03) දින අමාත්‍යාංශයේදී පවත්වා තිබෙන අතර අමාත්‍යවරයා විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිදුකළ නෝර්වේ නිල සංචාරයේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡාව සිදුව තිබේ.

සාකච්ඡාව සඳහා නව දිල්ලියේ නෝර්වේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති අර්වින් ඊකලන්ඩ් ගාඩ්ගිල්, දෙවන ලේකම් ටෝමොඩ් නොර්ඩ්වික් නූලන්ඩ්, නෝර්වේ සාගර පර්යේෂණ ආයතනයේ තිරසර සංවර්ධන පිළිබඳ විශේෂ උපදේශක ඕලේ ආර්වේ මිසුන්ඩ් යන අය එක්වූහ.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම සමස්ත කර්මාන්තයේම විශාල පරිවර්තනයක් සිදුකිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ පූර්ණ සහයෝගය ලබාගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු දක්වමින් අමාත්‍යවරයා පවසා තිබුණේ,
“අපේ රටේ ධීවර කර්මාන්තයේ විශාල පරිවර්තනයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ වන විට අපේ රටේ ධීවර කර්මාන්තයෙහි නියැලෙන කුඩා ධීවර යාත්‍රා 50,000ක් පමණ තිබුණත්, නවීන තාක්ෂණය නොමැතිකම නිසා ප්‍රමාණවත් තරම් මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම සහ අපේ ධීවරයින් මුහුදු ගිය පසු විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම දැකිය හැකියි. අපගේ මූලික අරමුණ වන්නේ පවතින යටිතල පහසුකම් නවීකරණය කරමින් තාක්ෂණික අභියෝග ජය ගැනීමයි. එමඟින් දේශීය ධීවර නිෂ්පාදන යුරෝපා රටවලට යැවීමට අපට හැකියාව ලැබෙනවා. තවද, කර්මාන්තය පුළුල් කිරීමේ පියවරක් ලෙස ජලජීවී වගාව සහ මිරිදිය ධීවර කර්මාන්තය තව දුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ඒ අනුව මෙරට ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සුවිශේෂී කරුණු කිහිපයකට සහය දැක්වීමට නෝර්වේ රාජ්‍යය මෙහිදී එකඟතාව පළ කර ඇත. දේශීය සමුද්‍රීය ජලජීවී වගා ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහ පර්යේෂණාත්මක සහයෝගය ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති සීමාවන් ලිහිල් කර ගැනීමට අවශ්‍ය සහය දැක්වීමටත් නෝර්වේ රාජ්‍යය එකඟ විය.

මෙහිදී අදහස් දැක්වූ නෝර්වේ නියෝජිත පිරිස සඳහන් කළේ ජාත්‍යන්තර සහයෝගීතාවය සහ තිරසර සංවර්ධනය උදෙසා බෙංගාල බොක්ක සංසදය වැනි ජාත්‍යන්තර සංවිධාන මෙන්ම සාගර පර්යේෂණ ආයතන හරහා ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට ලබා දෙන සහයෝගය ඉදිරියටත් සක්‍රියව පවත්වාගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ...

රුපියල් මිලියන 104ක සංචාරක අරමුදල් සිරසට: මෙය රාජ්‍ය ප්‍රසම්පාදන නීති උල්ලංඝනයක්ද?

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් තවමත් ගොඩඑන්නට...

2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක්?

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා...