ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍රවාදය මවා ගත්ත එකක්.ඔන් ලයින් පනතෙන් ඒක පැහැදිලියි – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරන සියලු පනත් කෙටුම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ඒ, අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ජාවකට එක්වෙමිනි.

රජය විසින් සම්මත කිරීමට උත්සාහ දරන මාර්ගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයන්,මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කරන කණ්ඩායම්, වෘත්තීය සමිති ඇතුළු සංවිධානවල සහභාගීත්වයෙනුයි එම සාකච්ජාව පැවැත්වුණේ.

රටේ දරුවන්ගේ, මව්වරුන්ගේ, සාමාන්‍ය ජනතාවගේ, අවදානමනට ලක්වූ කොට්ඨාසවල අයිතීන් සුරක්ෂා කරනවා යන නාමයෙන් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි අණ පනත් ඉදිරිපත් කර රජය ඒකාධිපතීත්වයක් රට තුළ ස්ථාපිත කර භාෂණයේ, සාකච්ඡා කිරීමේ, විවාද කිරීමේ හා තොරතුරු දැන ගැනීමේ නිදහස ඇතුළු මානව අයිතීන් මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන දරදඩු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට ප්‍රවේශ වන වීමට එහිදී ප්‍රේමදාස මහතා පැවසුවේ.

ජනාධිපතිවරයා රටටත් ලොවටත් පෙන්වා ඇත්තේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයකු ලෙස වුවත් මෙම පනත ක්‍රියාත්මක කිරීම හරහා ඔහු මවාගත් ස්වරූපය බොරුවක් බවට ඔප්පු වන බවයි ඔහු සඳහන් කළේ.

මේ පනත හරහා ඔහුටත් ඔහු පත් කරන කොමිසමේ සාමාජිකයන්ටත්, ඔහු පත් කරන ආරක්ෂක අංශවලටත් රිසිසේ මේ රටේ පොදුජනතාව අසහනයට පීඩනයට ලක් කළ හැකි බවත් ‘කතා කළොත් සිරගෙදර’ හිමිවන බවට බිය ගන්වා ජනතාවගේ කටවල් වහන වැඩපිළිවෙළකට ජනාධිපතිවරයා යොමුවී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම ජනාධිපතිවරයා සැබෑම ප්‍රජාතන්ත්‍රවාදියකු නම් මෙම දුර්ජන පනත ඉල්ලා අස් කර ගෙන පාර්ශ්වකරුවන් සියලු දෙනා සමඟ ප්‍රබුද්ධ ප්‍රශස්ත සාකච්ඡාවකට යොමුවන ලෙසත් රටේ සමාජ මාධ්‍ය වැඩපිළිවෙළ අතුරුදන් කරන තත්ත්වයකට කටයුතු නොකරන ලෙසත් පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළකට ප්‍රවේශ වීම යෝග්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තවද ප්‍රජාතන්ත්‍රවාදය අගයන විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය ජනතා වරමින් බලයට පත්වූ විගසම අත්තනෝමතිකව සම්මත කර ගත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී අණ පනත් සියල්ල අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට හෙතෙම ප්‍රකාශ කරන ලදී.

එතෙක් මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස තානාපතිවරුන්ගෙන්ද ඉල්ලා සිටින බවත් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත් පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය..

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

ලෝව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ...