බීමත් මඟියෙකු ගුවන් සේවිකාවගේ අත සපා කාලා!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බීමත් මගියකු ගුවන් සේවිකාවකගේ අත සපා කෑම හේතුවෙන් ජපානයේ සිට අමෙරිකාව බලා පියාසර කිරීම ආරම්භ කළ ඕල් නිපෝන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ආපසු ටෝකියෝ නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ජාතිකයකු වන 55 හැවිරිදි එම මගියා අධික ලෙස බීමත්ව ගුවන් සේවිකාවගේ අත සපා කෑමෙන් ඇයට සුළු තුවාල සිදු වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ටෝකියෝ නුවරට ගොඩබැස්වීමෙන් පසු එම මගියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, තමා නිදිපෙති පානය කර තිබූ බැවින් සිදු වූයේ කුමක්දැයි නොදන්නා බව පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මේ සිදුවීම වන විට එම ගුවන් යානය මගීන් 159 දෙනකු රැගෙන පැසිෆික් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබූ බව ද වාර්තා වේ.

https://nypost.com/2024/01/17/lifestyle/passenger-bites-flight-attendant-forces-plane-to-return-to-airport/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...