ආණ්ඩුවේ තවමත් පැහැදිලි දිශාවක් පේන්නේ නැහැ – නාමල්

Date:

‘දූෂිත’යැයි කියූ ඉන්දු-චීන කොම්පැණි එක්ක ආණ්ඩුව ගිවිසුම් ගහපු එක ගැන නාමල් ආණ්ඩුවට දොස් කියයි.

ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී ‘දූෂිත’ ලෙස විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ උපහාසාත්මකව අදහස් පළ කර තිබේ.

ඉන්දියාවේ සහ චීනයේ සාර්ථක සංචාර නිම කිරීම පිළිබඳ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්‍රශංසා කරන අතරතුර මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.

පසුගිය ආණ්ඩු සමයේදී මෙම චීන සහ ඉන්දියානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දැක්වූ විට, මෙම සමාගම් මතභේදාත්මක, දූෂිත ලෙස හැඳින්වීමට පෙනී සිටියේ මෙම ජාතික ජන බලවේගයයි. කොහොම වුණත් දැන්, ජාතික ජන බලවේගය තමන්ගේම වචන ගිලගනිමින් ඔවුන් සමඟ ඍජු විදෙස් ආයෝජන ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ගෞරවය ලබා ගන්නා බවක් පෙනෙනවා,” යැයි මන්ත්‍රීවරයා පැවසීය.

ඔවුන් එදා මෙම ඍජු විදෙස් ආයෝජනවලට විරුද්ධ වූයේ ඇයිද යන්න සහ ඔවුන් මෙම ඉන්දියානු සහ චීන සමාගම්වල ප්‍රතිරූපය කැළැල් කළේ ඇයිද යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහජනතාවට පැහැදිලි කළ යුතු බව රාජපක්ෂ පැවසීය.

ජාතික ජන බලවේගයේ රජය ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලි කළ යුතුයි, එය තවමත් තරමක් අපැහැදිලියි, තවමත් පැහැදිලි දිශාවක් පේන්නේ නැහැ,” යැයි මන්ත්‍රීවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ කණිෂ්ඨ ස්කොෂ් සූරතාවලියට ආසියාවේ රටවල් 11 ක්

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව,...

ජපාන අගමැති Takaichi එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් හදිසි මැතිවරණයකට…

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම...

උඩින් ආ ලෝක කුසලානය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: පිරිමි විස්සයි විස්ස ලෝක...

යුක්‍රේනයේ අරමුණ සඵල වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මීට වසර හතරකට...