නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW:
දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තෙවන තරගයේදී නැවතත් පරාජයකින් පසු බසින්නට ශ්‍රී ලංකාවට සිඳු වුණා.ඒ ගෝල 5-2 ක් ලෙස පකිස්තානයට එරෙහිවයි.
පකිස්තානය පළමු අර්ධය නිමා කරන්නේ ගෝල 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටයි.දෙවන අර්ධයේදී තවත් ගෝල 2 ක් රැස් කළ පසුව ෆයිසල් විසින් රැස් කරන ලද ගෝලයත් සමඟ 4-1 ක් ලෙස ලකුණු සටහන වෙනස් වුණා.තවත් සුළු කාලයක් තුළ පකිස්තානු දැල රකින්නා ද යොදවා ගනිමින් පකිස්තානය ගෝලයක් රැස් කර පරතරය 5-1 ක් ලෙස සටහන් කර ගන්නට සමත් වෙනවා.තරගය නිමා වන්නට සුළු වේලාවක් තිබියදී අබ්දූල් අසීස් විසින් රැස් කරල ලද ගෝලයත් සමඟ පරාජයේ පරතරය තවත් එක් ගෝලයකින් අඩු කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.

ඒ අනුව භූතානය සමග ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරගෙන සිටින ශ්‍රී ලංකාව මේ වන විට නේපාලය සහ පකිස්තානය වෙතින් පරාජය ලබා තිබෙනවා.


