යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ නම් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යාමේ අවශ්‍යතාවක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඒ අනුව ආරම්භ කර ඇති වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යා යුතු වන අතර එසේ වන්නේ නම් 2028 හෝ 2032 දී ණය ප්‍රතිව්‍යුහගතකරණයක අවශ්‍යතාවක් මතු නොවන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් ආර්ථික වැඩපිළිවෙලෙහි වෙනසක් වන්නේ නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවක් මතුවිය හැකි බව හෙතෙම සඳහන් කරයි.

2026 අවසානය වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 8ක් දක්වා විදෙස් සංචිත ඉහළ නංවාගැනීමට බලාපොරොත්තු වෙන අතර ණය වාරික ගෙවීමට ඇති අගයත් සමඟ බලන විට බිලියන 4කට ආසන්න වැඩිම මුදලක් ගෙවීමට තිබුණේ 2025 දී බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ඉදිරියට ගෙවීමට ඇති ණය වාරිකවලට අනුව වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ 2030 දී වන බවත් එය ඩොලර් මිලියන 3556ක් බවත් හෙතෙම පවසයි.

2028 දී ගෙවීමට ඇති ණය ප්‍රමාණය වන්නේ ඩොලර් මිලියන 3231කි.

කෙසේවෙතත් පවතින ක්‍රමවේදය අනුව වාහන ආනයන වියදම් සහ සෙසු ආනයන වියදම් කිරීමෙන් අනතුරුව ණය වාරික ගෙවීමේ හැකියාව පවතින බවට මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

එය කළ හැකි බවට පසුගිය වසර තුනක කාලය තුළ පෙන්වා ඇති බවත් දැන් තිබෙන්නේ 28 භීතිකාවක් ගොඩනැගීමක් පමණක් බවත් ඔහු පවසයි.

2028 වසර වන විට ඩොලර් බිලියන 10ක පමණ සංචිතයක් පවත්වාගෙන යමින් රු.බිලියන 3.2ක ණය ගෙවීමට ඇති නොහැකියාව කුමක්ද යන්න තමන් විමසන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...