පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW :

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව මෙම නියෝගය නිකුත් කෙරුනේ, ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භික්ෂුන්වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා සම්භන්ධවයි.