ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ඒ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියේ මොඩියුල සම්බන්ධයෙන් උද්ගතව ඇති ප්‍රශ්නයට අදාළව ය.
ඒ සිද්ධියටම අදාළව එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් සඳහන්.
ආචාර්ය දර්ශන සමරවීර මහතා ජාතික ජන බලවේගයට සම්බන්ධ අයකු බවත් ඔහුගේ දියණිය පන්නල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.


