ගම්මන්පිල මාධ්‍යයට එක එක ඒවා කීවාට ලංවිමට තෙල් ලැබෙනවා, අපි මිත්‍රයෝ නෙ – ඇමති ලොකුගේ

Date:

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ප්‍රශ්නය – ඉන්ධන ප්‍රශ්නය ගැන කතා කළාද ඇමතිතුමා ?

”කතා කළා, කතා කළා … ඉන්ධන ගෙන්නලා දෙන්න ලෑස්ති කරලා තියෙන්නෙ”

ප්‍රශ්නය – අපට විදුලිය නැතිවෙයිද ?

”අද නැතිවෙන්නෙ නෑ”

ප්‍රශ්නය – හෙට ?

”හෙට උදේට බලන්න ඕනෙ ඒක …. අපේ ඉල්ලුමට ඕනෙ කරන ඉන්ධන ටික කොහොමහරි අපි ගේනවා. හිඟයක් නැතුව තෙල් සංස්ථාවේ පිරවුම්හල් වලිනුත් දෙනවා, ඒ එක්කම අපට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයත් අපට දෙනවා”

ප්‍රශ්නය – ඒත් තෙල් ඇමතිතුමා කියනවා දෙන්නෙ නෑ, දෙන්න විදියක් නෑ ඔබතුමාලාට කියලා ?

”එහෙම ඉතිං ඒ මාධ්‍යවලට කිව්වාට … අපි මොකද අපි මිත්‍රයෝ නෙ. ඒකෙ කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ”

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...