*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

අයිඕසියේ ටෙස්ටොස්ටෙරෝන් සීමා අර්බූදයක

එළැඹෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලෙන් පසුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තව දුරටත් කාන්තා ක්‍රීඩිකාවන් ලෙස ජාත්‍යන්තර පිටියේ තරග වැදීමට ඇති ඉඩ පුළුල් වෙන අන්දමට නීතී ලිහිල් කිරීමට සහ අවස්ථා අවස්ථා පුළුල් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සූදානමින් සිටිනවා.නමුත් මේ තීරණයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ඇතැම් ක්‍රීඩා පරිපාලන ඒකක ද මේ වන විට ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ආරම්භ කර තිබෙනවා.ඒ අතර පාපැදි සහ තුන් ප්‍රයාම පරිපාලන සිය විරෝධය මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබෙනවා.


ඇතැම් විද්‍යාඥයන්ද එම මතයම දරනවා.ඔවුන් පෙන්වා දෙන්නේ නව නීති යටතේ කැස්ටර් සෙමෙන්යා වැනි මැදි දුර ධාවනයේ දක්ෂ,පැහැදිළිව ලිංගික විපර්යාසයක් සම්බන්ධ වෙනස්කම් පෙන්වන ක්‍රීඩිකාවන්ට ද ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබෙන බවයි.නව නීති අනුව ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිශතය අනුව තරගවැදීමේ අවසරයට දී තිබූ නීති වඩාත් ලිහිල් වන බව මීට විරුද්ධ අදහස් දක්වන්නන් පෙන්වා දෙනවා.
ඉකුත් ඔලිම්පික් උළෙලේ දී නවසීලන්ත සංක්‍රාන්ති ක්‍රීඩිකා ලෝරල් හබාර්ඩ්ගේ තරඟ වැදීමත් වර්ථමානයේ පිහිණුම් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන ඇමෙරිකාවේ ලියා තෝමස් සංක්‍රාන්ති ක්‍රීඩිකාව සම්බන්ධයෙනුත් මීට එරෙහිව අදහස් දක්වන්නන් කරුණු පෙන්වා දෙනවා.


මෙම කරුණු උපුටා දක්වමින් ලෝක මලල ක්‍රීඩා වෛද්‍ය අංශයේ ප්‍රධානියා, පාපැදි පාලනයේ UCI හි වෛද්‍ය අධ්‍යක්ෂ සහ ලෝක ඔරු පැදීමේ වෛද්‍ය කොමිසමේ සභාපති ඇතුළු 38 දෙනෙක් ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනයෙන් ඉල්ලා සිටින්නේ ක්‍රීඩාවේ සාධාරණත්වය සළකා මේ සම්බන්ධයෙන් වන ප්‍රමිතියක් සකස් කරන ලෙසයි.එසේම 2015 වසරේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කාර්ය සාධනය සම්බන්ධයෙන් සැකසූ රාමුවට වඩා නව රාමුව වෙනස් බව ද ඔවුන්ගේ අවධානයට ලක් වී තිබෙනවා.
ක්‍රීඩා විද්‍යාඥයෙක් වන මෙම ප්‍රකාශයට අත්සන් තබන යානිස් පිට්සිලාඩිස් පෙන්වා දෙන්නේ අයිඕසි ය ට යොමු කළ ලිපිය වැදගත් කථිකාවකට පාදක කර ගත යුතු බවයි.ඔහු ක්‍රීඩාවේ ස්වභාවය අනුව ටෙස්ටොස්ටෙරෝන් සම්බන්ධ ප්‍රතිශතයන්ද වෙනස් විය යුතු බව ඔහු විශ්වාස කරනවා.උදාහරණයක් ලෙස යානිස් පවසන්නේ වෙඩි තැබීම වැනි ක්‍රීඩාවක නියැලෙන්නෙක්ට ඖෂධ මඟින් පාලනය කර ගත යුතු ටෙස්ටොස්ටෙරෝන් සීමාවට වඩා වෙනස්, කාන්තාවකට බොහෝ සමාන මට්ටමක් සටන් ක්‍රීඩාවකදී තිබිය යුතු බවය.


මේ කිසිඳු ප්‍රකාශයකින් සංක්‍රාන්ති ප්‍රජාවට ක්‍රීඩාවේ නියැලෙන්න ඇති ඉඩ වසා නැහැ.එයත් වැදගත් සාධකයක්.මේ මොහොත වන විට සාකච්ඡාවට ලක්වෙන්නේ විද්‍යාත්මකව සංක්‍රාන්ති ක්‍රීඩිකාවන් ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීමේදී තිබිය යුතු ප්‍රමිතිය ගැනයි.එය විද්‍යාත්මකව සිතීම සම්බන්ධයෙන් ක්‍රීඩා සංස්කෘතිය දියුණු තත්ත්වයකට පැමිණ තිබෙන බව පැහැදිළි කිරීමක්.මේ අවශ්‍යතාවය තවත් විදිහකට පැන නැඟෙන්නේ ක්‍රීඩාවේ සහ සමස්ත ක්‍රියාවලියක තිබිය යුතු සාධාරණය අපේක්ෂාවෙන් වීමත් වැදගත් පියවරක්.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද බොහෝ කාලයක සිට සංක්‍රාන්ති ක්‍රීඩිකාවන්ට මෙන්ම ඇතැම් ක්‍රීඩිකාවන්ගේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිශතය සම්බන්ධයෙන් වන ගැටළුව සම්බන්ධයෙන් ද ඔවුන්ව අසාධාරණයක් නොවන තැනෙක රඳවා තැබීමට නීති සකස් කරමින් සිටින්නේය.එහි ප්‍රතිපලයක් ලෙස 2015 දී සකස්කළ රාමුව අනුව 2020 ඔලිම්පික් උළෙලට සංක්‍රාන්ති ක්‍රීඩිකාවකට ක්‍රීඩා කරන්නට අවස්ථාව ද උදා වන්නේය.ඒ සියල්ල අසාධාරණය වළක්වා සාධාරණය ලබා දීම වෙනුවෙන් අනුකම්පාවෙන් ගත් තීරණ නොවේය.විද්‍යාත්මක හැදීරීමක ප්‍රතිපල පදනම් කරගෙන ගත් තීරණය.2020 ලෝරල් හබාර්ඩ් ඉදිරිපත් වෙද්දී ද එය පහසු ජයග්‍රහණයක් වනු ඇති බව සහ ඔහු පුරුෂයෙක්ව ගත කළ ජීවිතය ඈදා පහසුවෙන් ජය ගනු ඇතැයි ද ප්‍රකාශ කළේය.නමුත් ඇයට ස්නැච් ක්‍රමය යටතේ බර එසැවීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් තරඟය නිමා කරන්නට ද අවස්ථාවක් නොලැබ ගියේය.


ඒ නිසා ඉදිරියේදී තව දුරටත් මීට එරෙහි වන්නන් සහ එකඟ වන්නන් අතර සංවාදය නිදර්ශන සමඟ යම් යම් සසලවීම්වලට ලක් විය හැකිය.එහෙත් වැදගත් මේ පොළවේ උපදින සෑම අයෙක්ගේම හැකියාවට සාධාරණ අවස්ථාවක් තිබිය යුතුය යන්න ඒ කිසිඳු සාකච්ඡාවකින් ප්‍රතික්ෂේප නොවී විද්‍යාත්මකව ඒ සාධාරණත්වය සැකසීම සඳහා වන අවස්ථාවක් විද්‍යාත්මකව සෙවීමට සියල්ලන්ම උනන්දු වීමය.

රණසිංහ මුදියන්සේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan