නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහන මෙවර මහියංගනයට හා රිදීමාලියද්දට!

Date:

අපි මෙවර නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහන යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මහියංගනයේ හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට පාසල් 84න් තෝරාගනු ලැබූ පාසල් කිහිපයක අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ රැගෙන ගියෙමු.

මහියංගනයේ සොරබොර ජනපදයේ භද්දත්තාව ද්වීතික පාසල, මහියංගනය ජාතික පාසල හා අරාවත්ත කණිෂ්ඨ විද්‍යාලයේ හඳුනාගනු ලැබූ දරුවන් 20 දෙනෙකු වෙනුවෙන් අපි මෙවර නෙළුම්යාය පදනම යටතේ බරපැන දරමින් පාසල් සපත්තු, වතුර බෝතල් ආදිය රැගෙන ගියෙමු.

අපි මෙමඟින් ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය අපේක්ෂා කරන අතර දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලංකාව පුරා මෙය රැගෙන යාමට කැප වන්නෙමු.

ඉදින්, ඔවුනට සරණක් වන්නට හිතැති ඔබට ද අප හා අත්වැල් පවුරු බැඳිය හැක. එවිට ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන්ම ඔබට ද දැකිය හැකිවනු ඇත.

අද මෙන්ම හෙටත් අපි ඔවුනට දෝතපුරා ආදරය අරන් යන්නෙමු.

නෙළුම් යාය පදනම – මහියංගනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: තරගයක්,තරගාවලියක් ජය ගැනීමෙන් සිය...

ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: ලාංකේය වොලිබෝලයේ අනාගතය තනන...

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...