නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහන මෙවර මහියංගනයට හා රිදීමාලියද්දට!

0
430

අපි මෙවර නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහන යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මහියංගනයේ හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට පාසල් 84න් තෝරාගනු ලැබූ පාසල් කිහිපයක අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ රැගෙන ගියෙමු.

මහියංගනයේ සොරබොර ජනපදයේ භද්දත්තාව ද්වීතික පාසල, මහියංගනය ජාතික පාසල හා අරාවත්ත කණිෂ්ඨ විද්‍යාලයේ හඳුනාගනු ලැබූ දරුවන් 20 දෙනෙකු වෙනුවෙන් අපි මෙවර නෙළුම්යාය පදනම යටතේ බරපැන දරමින් පාසල් සපත්තු, වතුර බෝතල් ආදිය රැගෙන ගියෙමු.

අපි මෙමඟින් ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය අපේක්ෂා කරන අතර දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලංකාව පුරා මෙය රැගෙන යාමට කැප වන්නෙමු.

ඉදින්, ඔවුනට සරණක් වන්නට හිතැති ඔබට ද අප හා අත්වැල් පවුරු බැඳිය හැක. එවිට ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන්ම ඔබට ද දැකිය හැකිවනු ඇත.

අද මෙන්ම හෙටත් අපි ඔවුනට දෝතපුරා ආදරය අරන් යන්නෙමු.

නෙළුම් යාය පදනම – මහියංගනය