ආර්. මුත්තුසාමි රුව විවෘතවීම 19 දා.

Date:

අශෝක ජයතුංග

ජනවාරි 19 වොෂින්ටන් LNW : මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්. මුත්තුසාමි මහතා ගේ සේයාරුවක් මෙම ජනවාරි 19 දා ගුවන්විදුලියේ කුමාරතුංග  මැදිරියේදී විවෘතවීමට නියමිතය.

1926 දී ඉන්දියාවේදී දෙමළ හා හින්දු භක්තිකයෙකු ලෙස ඉපදුන ආර්, මුත්තුසාමි මහතා වයස 05 සිටම වයලීන හා වාද්‍ය භාණ්ඩ වාදනයේදී හැකියාව පෙන්වීය.

ඉන්දියානු චිත්‍රපට වල වාදනය ඉදිරිපත් කල ඔහු මෙරට පළමු චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ වාදනයට ද එක්විය. ඔහු ලංකාවට පැමිණියේ නායගම් මහතාගේ ඇරයුමෙනි. ඔහුට මෙරට පුරවැසිකම ලබා දුන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල මහතාය. ඒ මුත්තුසාමිගේ පළමු චිත්‍රපට සංගීතය වන ප්‍රේම තරගයට 1953 දී ලැබුණු ජාත්‍යන්තර සම්මානය හේතුවෙනි. ඇන්ජලීන්, සුජාතා, නන්දා මාලනී ගායන ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දුන්නේ ද ඔහුය.

රුක්මණී , ධර්මදාස ,ලතා , ජොතිපාල , මිල්ටන් ,බෙග් , මෙන්ම කේමදාස රොක්සාමි මොහොමඩි සාලි වික්ටර් ආදී බොහෝ අය චිත්‍රපට ගායන හා සංගීත ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දීමට ද මුත්තුසාමි මූලික විය.

මාතලන් අල්ලපු ගෙදර සංදේශය චන්ඩියා කුරුළුබැද්ද ඇතුළු චිතුපට රැසකට මුත්තුසාමි සංගීතය සැපයීය. තවද චිත්‍රපට කිහිපයක ඔහු ගීත ගායනයට ද එක්විය. දෝන නිලියා පෙරේරා බෞද්ධ සිංහල කාන්තාව හා විවාහ වූ ඔහුට සංගීත අධ්‍යක්ෂ මොහාන් රාජ්  චිත්‍රාංගී ප්‍රසන්නී කීර්තිකා නම් දරුවන් සිව් දෙනෙක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...