*
Friday, May 3, 2024
spot_img

Latest Posts

යුක්තිය මෙහෙයුමෙන් ගතවු පැය 24 තුළ සැකකරුවන් 963 ක් අල්ලයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 638 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 ක් සමගින් මුළු සැකකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එදිනට අදාළව පහත මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

හෙරොයින් 300 g
අයිස් 172 g
ගංජා 530 g
ගංජා පැල 99,209 ක්
මාවා 336g
මදන මෝදක 314g
මත්පෙති 24,083ක්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 10 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 8 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය දැනුම් දෙයි.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 325 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 66 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 228 ක්ද සිටින අතර, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 20 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 11 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් පොලිසිය දන්වා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan