X-Press Pearl නෞකා වන්දි ලබා ගැනීමේ සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණයේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරනවා – නීතිපති දෙපාර්තමේන්තුව

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර එම අධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටාර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීමට සීමා පැනවිණ.

තවද, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය හමුවේ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇති බව සඳහන් වේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පළමු සාක්ෂිකරු ලෙස හර්බර් මාස්ටර්වරයා ඉදිරිපත් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...