දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය එක. ආව එක. ලැග්ග එක. මැරුණ එක. සලකපු විදිය. සල්ලි හුවමාරු වෙච්ච විදිය යනාදී වශයෙන් කප්පරක් දේවල් ලියවිලා තිබ්බ. ඒ නිසා ඒ ගැන ලියල වැඩක් නැහැ.

හැබැයි ලිවිය යුතු එක දෙයක් තියනවා. ඒ තමයි ලංකාවේ කිසිම දේශපාලනයක් තමන්ගේ දේවල් අත්හැරලා කරන්න හොඳ නැහැ කියන එක. වම දකුණ මැද කොයි එකාටවත් තමන්ගේ දේ කැපකරලා ෆුල්ටයිම් කඩේයන්න එපා. දේශපාලන කරන්න. කාට උනත් කමක් නැහැ. හැබැයි තමන්ගේ කුසලතා, වෘත්තීය දක්ෂතා, අධ්‍යාපනය, මුදල් උපයන එක, පෙම්වතිය, විවාහය, පුද්ගලික බව වගේ කිසිම දෙයක් කැපකරන්නේ නැතුව ජොලියට දේශපාලනේ කළාට කමක් නැහැ. නැත්නම් ඔයාට හම්බවෙන්නේ බිංදුව තමයි.

මම කියන්නේ දැන් ලාල් බිංදුව කිව්ව එක ගැන විතරක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂේ නන්දනට දීලා තියෙන්නෙත් බිංදුව තමයි.

නන්දන ගැන යම් පමණකින් බැලුව කියන්නේ සජිත්. මම ඒකට ඇත්තටම රෙස්පෙක්ට් කරනවා.

රනිල්ට පක්ෂ කෙනෙක් ලියල තිබ්බ අපි රනිල්ට කඩේයන්නේ එහෙම උදව් උපකාර බලාපොරොත්තුවන් නෙවෙයි කියල. ඒක ඇත්ත. ඒත් තමන් එක්ක දේශපාලනය කරන කෙනෙක් කියන්නේ තමන්ගේ ගමන් සගයෙක්. එයා ගැන බලන්න ඕනි. විශේෂයෙන් ලෙඩ දුකකදී.

නන්දන සම්බන්දයෙන් ජවිපෙ පැත්තෙන් එහෙම හිතන්න බැහැ. මොකද ඔහු ඉතාම තදින් ජවිපෙට ගහමින් හිටියේ. ඒක අතකට බිංදුව කියල කිව්වත් ඇති.

නමුත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නන්දන වැඩකරලා තියනවා. ඒ නිසා පක්ෂය ඔහු ගැන හොයාබලන්න ඕනි. නැත්නම් බේතකටවත් මිනිහෙක් ඔය පැත්ත පළාතේ යන එකක් නැහැ. ඉන්න කෙනෙත් සජිත් ලඟට යයි. ඒකෙ කිසි වරදක් මම දකින්නේ නැහැ.

ඉතිං ඔන්න ඕක තමයි මම ඉගෙනගත්ත පාඩම.

දේශපාලනය කියන්නෙම මනුස්සකම….

සුබ ගමන් නන්දන !

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...