කොළඹ පුරා හදිසි ගංවතුර : අවහිර වූ කාණු පද්ධති හැටක් හඳුනා ගැනේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW:

කොළඹ ප්‍රදේශයේ ජල කාණු පද්ධති අවහිර වී ඇති ස්ථාන 60ක් හඳුනාගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ඇතිවන හදිසි ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා රජයේ ආයතන කිහිපයක් එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ගැටලුකාරී තත්ත්වයන් බහුලව පවතින ස්ථාන කිහිපයක මේ වන විටත් අවහිරතා ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ස්ථාන අතරට පහත ඒවා ඇතුළත් වේ..

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත

බම්බලපිටිය හේග් පාර (Haig Road)

වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස (Collingwood Place) සහ පරාක්‍රම මාවත

කූරේ නගර සභා නිවාස සංකීර්ණ පරිශ්‍රය

කිරුළපන ස්ටැෆර්ඩ් පාර සහ ඊට යාබද කිරුළපන ඇළ මාර්ගය

බේස්ලයින් පාර අසල හීන් ඇළ

දෙමටගොඩ අරාම පාර

මධ්‍යම කොළඹ නිව් බසාර් (New Bazaar) ප්‍රදේශය

ද මෙල් වත්ත සහ පැරඩයිස් පාර

මෙම විශේෂ වැඩසටහන කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි මැතිවරණ කොට්ඨාස පහක් ආවරණය කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නගර සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රජයේ ආයතන කිහිපයක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, සුළු වැස්සකදී පවා කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතු වන අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ, මට්ටක්කුලියේ ශ්‍රී වික්‍රම පාර සහ බිමෙල්වත්ත පාර යන ප්‍රදේශවල හඳුනාගත් අනවසර ඉදිකිරීම් ඉවත් කර ඇති බවයි.

ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා පවසන පරිදි, මෙවැනි අනවසර ඉදිකිරීම් පවතින බවට හඳුනාගෙන ඇති ස්ථාන වෙත දැනුම්දීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී මේ දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 107,000 ඉක්මවයි: මරණ 81ක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: මෙම වසරේ මේ දක්වා...

හහා හහා දුමාරයක් නැගෙයි තැනෙක ලොවේ ….!

"හරි විකාරයක්" යැයි කියාබසේ 'ඇ'කාරයකෙනෙක් කියන් ගියාඑයා ගියේ කොහේ...

නලින් බණ්ඩාර සජබෙන් ඉවත් කරයිද ?

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර...

ඉරානයේ අවි ප්‍රවාහන මාර්ග අවහිර කිරීමට ඇමෙරිකාවෙන් නව මෙහෙයුම් කණ්ඩායමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: මැදපෙරදිග කලාපයේ යුදමය...