නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා එකක් තියනවා.ඒක ඔයාට,මට මේ මොහොතේ නැතිවුනත් අවස්ථාව එනකොට ඇතිවෙනවා.චුති සිත පහලවෙන්න කලින් අවසන් කැමැත්ත පහලවෙනවා.සමහරු මැරෙන්න කාලෙකට ඉස්සෙල්ලා අන්තිම කැමති පත්‍රය ලියලා තියනවා.නන්දනගේ අවසන් කැමති පත්‍රයක් තියනවද නැද්ද කියන්න රටේ රාළ දන්නේ නෑ.

හැබැයි රටේ රාළ දන්න අවසන් කැමැත්තක් නන්දනට තිබ්බා.ඒක පෞද්ගලික එකක් නෙවෙයි,ඒක දේශපාලනික එකක්.නන්දනට පෞද්ගලික කැමැත්තකුත් තියෙන්න ඇති.ඒක අපිට අදාල නෑ. නන්දන එයාගේ අවසන් දේශපාලන කැමැත්ත ගැන කතා කරපු කණ්‌ඩායමක් හිටියා.ඒ කවය ඉතාමත් කුඩා එකක්.රටේ රාළත් ඒ කවයේ සාමාජිකයෙක්.ඒ වගේම ඒකේ හිටපු අනිත් අයත් දැන් නන්දනගේ අවසන් කැමැත්ත මොකද්ද කියලා රටට කියන්න ඕනි. නන්දන උදේ හවස අරයට කතා කළා,මෙයාට කතා කළා කියලා කතාවක් වටේට යනවා.

ඇත්තටම ඒවා බොරු.ඒක නිසා අපි එයාලගෙන් ඉල්ලනවා ඔය බොරුව සමාජගත කරන්න එපා.ඇත්ත සමාජගත වුන දවසට ඔය බොරුව අහුවෙනවා.නන්දන ගුණතිලක සහෝදරයා රටේ රාළට හම්බ 1997 අඟභාගයේදී. එදා පටන් 2006දී ජවිපෙන් නන්දන අයින් වෙනකම්ම රටේ රාළගේ සමීපතම ජවිපෙ නායකයා විදිහට හිටියේ නන්දන.නන්දන මැතිවරණවලට ඉදිරිපත් වෙද්දී රත්නපුර දිස්ත්‍රික් කම්ටුව මෙහෙයවන්න ජවිපෙ දේශපාලන මණ්‌ඩලයෙන් අවස්ථා කීපයකදී කීපදෙනෙක් සම්බන්ධ වුනා.ඒ අය අතර රටේ රාළගේ සිත්ගත් අනිත් නායකයා උනේ ජී කුලරත්න සහෝදරයා.

නන්දන ජවිපෙන් අයින් උනාට පස්සේ අවුරුදු එක හමාරක් විතර අපි අතර සම්බන්ධයක් තිබුණේ නෑ.ඊට පස්සේ රටේ රාළට නන්දන හම්බවෙන්නේ 2008 දී ජානීපෙ ප්‍රධාන ලේකම් විදිහට. නන්දන වැඩි කාලයක් ජානීපෙ හිටියේ නෑ.ජනිපෙ දාලා ගියේ 2009 දී.හැබැයි නන්දන සහ රටේ රාළ අතර සම්බන්ධය නතර උනේ නෑ. සමහර න්‍යායික කරුණු නිරාකරණය කරගන්න,ජවිපෙ ඉතිහාසය ගැන තිබුන කාරනා දැනගන්න රටේ රාළ නන්දනට කතා කළා. නන්දන දිගටම පාවිචිචි කළේ massager සහ WhatsApp විතරයි. ඒත් කලින් මැසේජ් එකක් තියන්න ඕනි.ඊට පස්සේ ඒකට තමයි නන්දන ගන්නේ.

රටේ රාළ ජානීපෙ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉන්දැද්දි අවස්ථා කීපයකදී එහෙම නන්දනට කතා කරලා තියනවා.හැබැයි අදාලා ප්‍රශ්නයට උත්තර දුන්නා මිසක කවදාවත් ජානීපෙ ගැන ඇහුවේ නෑ.නන්දන ජනිපෙ ගැන රටේ රාළගෙන් ඇහුවේ 2017 දී.ඒ රටේ රාළ ජනිපෙ ලේකම්ධූරයෙන් ඉල්ලා අස්වුනාට පස්සේ.මොකද උනේ මල්ලි කියලා ඇහුවා.නන්දන තවත් වටයකින් රටේ රාළට සමීප වෙන්නේ ” රටේ රාළ ” තීරු ලිපිය ලියන්න පටන් ගත්තට පස්සේ.මුලදී සමහරු කිව්වා ප්‍රියන්ජිත්ට ලියන්න බෑ.ඔය කවුරු හරි ලියලා දෙන එකක් කියලා.

හැබැයි නන්දන සහ ජී කුලරත්න සහෝදරවරු මට කිව්වා ඕක සුවිශේෂී හැකියාවක් කියලා.ඇත්තටම රටේ රාළ මුලදීම ධෛර්යමත් කළේ එයාලා.ලිපිය ගැන කතා කළා,උපදෙස් දුන්නා, බැන්න අවස්ථාත් තියනවා.නන්දන යූඑන්පී,රටේ රාළට පක්ෂයක් නෑ.හැබැයි නන්දන තවමත් කතා කරන්නේ එදා ජේවීපී එකේ හිටපු ප්‍රියන්ජිත්ට කතා කරනවා වගේ.නන්දන යූඑන්පී කාරයෙක් කියලා මටත් කවදාවත් දැනිලා නෑ.නන්දන රටේ රාළට තවත් සමීප වෙන්නේ ජවිපෙ බලයට පත්වෙනවත් එක්ක.ඒ එක්කම රටට අත්වෙන ඉරණම ගැන අපි දෙන්නා පැය ගණන් කතා කළා.

ඒ වගේම නන්දන,වරුණ සහ රටේ රාළ ඝාතන උත්සාහය සම්බන්ධව පලවෙනි හෙලිදරව්ව කරන්නේ නන්දන.ඒක වෙනුවෙන් හදපු ත්‍රස්ත කල්ලිය මෙහෙය වන්නේ ටිල්වින් කියලා නන්දන ප්‍රසිද්ධියේම කිව්වා.ඒ ඝාතන කල්ලියේ මුලිකයන් විදිහට ටේලර් ජගත්,මංගල(කළු කොටා) මිලිරෝයි,විපුල කියන ජවිපෙ අභයන්තර සාමාජිකයන් ඉන්න බව නන්දන කිව්වා.නන්දන ඝාතනය වෙනුවෙන් 17 දෙනෙක් කළුතරත්,රටේ රාළ ඝාතනයට 09 දෙනෙක් රත්නපුරෙත් යොදවලා තියන බව නන්දන පෞද්ගලිකව කිව්වා.

ඒ වගේම ඒ ගැන තොරතුරු ජවිපෙ වෙනත් මූලාශ්‍රයකින් රටේ රාළත් ලැබුණා.ඊට අමතරව වරුණටත් ලැබුණ තොරතුරු එයාගේ සමාජ ජාලාවලින් ප්‍රකාශයට පත් කරලා තිබුණා.ඇත්තටම දිගටම රටේ රාළ ආරක්ෂාවට ගැන උපදෙස් දුන්නේ නන්දන. වරුණටත් එහෙම වෙන්න ඇති.ඒක මම දන්නේ නෑ.මම ඒ උපදෙස් ගොඩක් දුරට පිළිපැද්දා.මේ සම්බන්ධව රටේ රාළට තියෙන්නේ ඉතාමත් දුක්බර අද්දැකිමක්.88/89දී ජවිපෙ පරාජය පිලි අරගෙන ඉතිරිවෙලා ඉන්න කාඩර්වරු පසුබස්සන්න තිරණය කළා.

එදා ඒ පණිවිඩය අරන් ආවේ රටේ රාළ හම්බ වෙන්න ආවේ රටේ රාළගේ ඉහල සංවිධායකයා උන කේ.කේ සෝමසිරි සහෝදරයා. සෝමසිරි අයියා පණිවිඩය දීලා යද්දී අත්අඩංගුවට පත්වෙලා ඉතා කෙටි වෙලාවකින් මරලා දැම්මා.එදත් රටේ රාළ බේරුණා පණිවිඩකරු බිලිවුනා.එදා සෝමසිරි අයියා අතින් වරදක් සිද්ධවුනා.ඒ අපි දෙන්නා එකට ඉමු කියන යෝජනාව එයා ප්‍රතික්ෂේප කිරීමයි.එයා ඒකට වන්දි ගෙව්වේ ජීවිතයෙන්.නන්දන අයියා පහුගිය කාලේ අඩුම ගානේ දවස් තුනෙන් තුන රටේ රාළ කතා කළා.ලේසියෙන් එයත් එක්ක කතා කරන්න බෑ.

ආරක්ෂක මාතෘකාවේදී ප්‍රශ්නයත් එයාගේ,උත්තරත් එයාගේ. අපිට තියෙන්නේ අහ ඉන්න.කාතව පැය දෙකක් විතර යනවා. හැබැයි ආරක්ෂක මාතෘකාවෙන් පස්සේ අපිට චාන්ස් දෙනවා.රටේ රාළට මෙහෙම හිතෙනවා.එදා සෝමසිරි අයියට වගේම නන්දන අයියටත් කොතනක හරි mistake එකක් උනා කියලා.නන්දන අයියා මට දවසක් කිව්වා හතුරාට සියපාරක් වැරදිලා එක පාරක් හරි ගියොත් අපි පරාදයි මල්ලී කියලා.නන්දන අයියට ඒ warn එක දීලා තිබුණේය එංගලන්තයේ ඉන්න මහින්ද පෙරේරා කියලා අයියා කෙනෙක්.

මහින්ද අයියා අපි දෙන්නට ගොඩක් ආදරෙයි.සමහර දවසට මෙහෙන් හලෝ කියනකොට එහෙන් බැනගෙන බැනගෙන යනවා. එයා අපි ගැන වෙනම හෙව්වා.පොඩි mistake එකටත් බනිනවා. මටත් හිතෙනවා නන්දන ඉස්සරහා හතුරාට සියපාරක් වැරදිලා එක පාරක් සාර්ථක උනාද කියලා.මේ මරණය සංවිධානාත්මකව ඝාතනයක්ද කියන සැකය රටේ රාළටත් තියනවා.නන්දනගේ අවසන් කටයුතු ඉවර උනාම අපි ඒ ගැන කතා කරමු.නන්දන හැමවෙලේම රටේ රාළ ගැන වොරිවුනා.

ඒ වගේම විමල් ගැනත් නන්දනට බයක් තිබුණා. එයා රෝහලේදී කියලා තිබුණා එයා ඇවිත් කට්ටියම එක තැනකට ගන්නවා කියලා.අපි හතර දෙනාට තියන මරණ තර්ජණ සම්බන්ධව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අපරාධ සම්බන්ධව අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයට පැමිණිලි කරන්න නන්දනට මූලික වුනා.ඊයේ එයාලා නන්දනගේ මරණය සම්බන්ධව ප්‍රසිද්ධ විඩියෝවක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලුවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා

.ඒ වගේම නන්දනගේ ඥාති පාර්ශවයෙන් ඉල්ලුවා නන්දනගේ මෘත දේහය ආදාහනය කරන්නට එපා භූමදානය කරන්න කියලා. එක වෙලාවක නන්දනගේ විදෙස්ගත යාලුවන් නන්දනට යෝජනාවක් කළා අඩුම ගානේ ටික කාලයක ඉන්දියාවටවත් පැනලා ඉමු කියලා.නන්දන එයාලට අමුතු උත්තරයක් දීලා තිබුණා.මට අරුන් දාලා තනියම පනින්න බෑ කියලා.රටේ රාළටත් UK මහින්ද අයියා කිව්වා එහේ එන්න කියලා.ඉතාලියේ ඇලෙක්ස් සහෝදරයා කිව්වා එහේ එන්න බලාගන්නම් කියලා.

ඔස්ට්‍රේලියාව ඉන්න නම සදහන් කරන්න බැරි සහෝදරියක් එහේ එන්න කිව්වා.ඒ වගේම අපේ රටේ හෘතහස්ථ නායකයෙක් රටේ රාළගෙන් අහලා එවලා තිබුණා ඉන්නවද යනවද කියලා තීරණය කරලා දන්වන්න කියලා.රටේ රාළගේ තීරණය රට දාලා නොයන්න.නන්දන අපි වෙනුවෙන් එයාට තිබුණ චාන්ස් එක අතෑරියා.ඉතින් මම කොහොමද යන්නේ.ඒකෙන් කියන්නේ නන්දන නැති නිසා දැන් ගියාට අවුලක් නෑ කියන එක නෙවෙයි. දැන් කොහොමවත්ම යන්න බෑ.නන්දන රටේ රාළ වගකීම පවරලා ගිහිල්ලා.ඒ කොඩිය වැටෙන්න නොදී රැක ගන්න කියලා.

නන්දන බේරගන්න රටේ රාළට කරන්න පුළුවන් හැමදේම කළා.ඒ වෙනුවෙන් රටේ රාළ කරපු බලපෑම ඉස්සරහා සමහරු තරහත් වුනා.කමක් නෑ ඊළඟ ලිපියෙන් සියල්ල එලියට එයි.ඒත් නන්දන අතින් කොඩිය වැටෙන එක නතර කරගන්න අපි කාටත් බැරිවුනා. ඒක නිසා දැන් තියෙන්නේ නන්දනගෙන් ගිලිහුණ කොඩි අරන් ඉස්සරහට යන එක විතරයි.මේකත් හරිම සංවේදී කතාවක්.මට මොනවා හරි උනොත් රටේ රාළ බලාගනින් කියලා නන්දන එයාගේ සමීප කවයේ කීපදෙනෙකුට කියලා තියනවා.

ඒ සියලු දෙනා රටේ රාළ කතා කරලා ප්‍රසිද්ධියේ මළ ගෙදරට සහභාගීවීම තහනම් කළා.අඩුම ගානේ අපේ වීරයාට අවසන් ගෞරව දක්වන්නවත් අවස්ථාවක් මට නෑ.නන්දන කවදාවත් නන්දනට යුක්තිය ඉල්ලුවේ නෑ.නන්දන හැමදාම හිතුවේ රටට යුක්තිය ඉෂ්ඨ වෙන දාට අපි කාටත් යුක්තිය ඉටුවෙයි කියලයි. නන්දනට අන්තිම කැමති පත්‍රයක් තියනවා නම් ඒකේ ලියාලා ඇති ” උපන් බීමට යුක්තිය ඉෂ්ඨ කරපල්ලා ” කියලා.

හරි එසෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.