නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ලොව පුරා ප්‍රේක්ෂකයින් බිලියන 2.5 ක් වෙත ළඟා වනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකත්වය දිනා ගන්නා IFS හී නිල ලෝගුව මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඇදුමේ අතේ සහ පපුවේ මැද කොටසේ සළකුණු කර තැබෙනු ඇත.
ලාංකේය කර්මාන්තකරණයේ AI තාක්ෂණයේ ප්‍රබලයා වන IFS මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වයට පැමිණ සිටියි. 2026 පෙබරවාරි 7 වන දින සිට මාර්තු 8 වන දින දක්වා ඉන්දියාව සමඟ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව වෙනුවෙන් AI තාක්ෂණය,කර්මාන්තකරණය සඳහා යොදා ගැනීමේ ප්‍රබලයා මෙන්ම ප්‍රමුඛයා ද වන IFS,ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සිය නම පෑහීමට ගත් තීරණය රටට කීර්තිය සහ ආර්ථික ශක්තිය ලබා දීමට දායකවන දෙපළකගේ එකතුවක් ලෙස හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලාන තරගාවලිය පැවත්වෙන මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රියාශීලී සහ උද්යෝගිමත් ක්‍රීඩා රටාව සමඟ එක්වීමට ලැබීම IFS හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ඔලිවර් පිල්ගර්ස්ටෝර්ෆර් පෙන්වා දුන්නේය. IFS හී ශ්‍රී ලංකා සභාපති රනිල් රාජපක්ෂ, අපගේ ක්‍රිකට් ක්‍රීඩකයින් ලොව හොඳම දේ ලබා ගන්නා විට ඔවුන් සමඟ IFS සන්නාමය දැකීමට අපි සතුටු වෙමු.” යනුවෙන් පැවසීය. IFS හී ගෝලීය සාර්ථකත්වය පිටුපස වසර 28 ක පමණ කාලයක් ලංකාවේ දායකත්වයද ලැබී ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් කරනු ලබන කැපවීමක් හැටියට මෙම අනුග්‍රාහකත්වයේ වටිනාකම වානිජ අර්ථයෙන් ඔබ්බට ගෙන ගොස් තැබුවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ, ගෝලීය වශයෙන් පිළිගත් තාක්‍ෂණ සමාගමක් ලෙස ඉදිරි T20 ලෝක කුසලානය සඳහා අපගේ කණ්ඩායම් අනුග්‍රාහකයා ලෙස IFS හී පැමිණීම ගෞරවයෙන් පිළිගන්නා බවය.


