හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ සභිකයින් කලු පටි පැළද විරෝධතාවක!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW :

අද (20) දින හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන සභිකයින් පිරිසක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කලු පටි පැළද විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.

එහිදී, හෝමගම සතිපොල අසලට රැස් වූ එම පිරිස එම ස්ථානයේ සිට කලු පටි පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හෝමගම ප්‍රාදේශීය සභාව දක්වා පාගමනින් පැමිණ ඇති අතර සභා රැස්වීම ශාලාව වෙත ද පැමිණ එහිදී ද විරෝධතා පාඨ කියමින් සිය විරෝධය දැක්වූ බව සඳහන් වේ.

මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් එක්වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...

සැබෑ සාමයේ නිර්වචනය…

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සිර දඬුවම් නියම වී සිටින හිටපු...

උතුරු කොරියාවේ කිම් ජොන් උන් උප අගමැති ධුරයෙන් පහ කරයි: නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු...