යුක්තිය සාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා – විපක්ෂ නායක

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙය බරපතල සමාජ ගැටලුවක් බවත් අමාරුවෙන් මුදල් උපයන මිනිසුන්ගේ මුදල් මංකොල්ලකන පුද්ගලයන් වෙනුවෙන් විධිමත් නීති පද්ධතියක් නිර්මාණය කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (20) නුගේගොඩ ගංගොඩවිල උසාවිය අසල දී රේන්බෝ හා නිව් රේන්බෝ විදේශ රැකියා නිසා අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාව හා එක්වෙමිනි. ඊට අදාළ නඩුව අද අධිකරණයේදී විභාගයට ගැනුණි.

රේන්බෝ සහ නිව් රේන්බෝ විදේශ රැකියා ආයතන දෙක නිසා අගතියට පත් 640කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් මේ අයගෙන් කෝටි 86-90ක පමණ වංචාවක් සිදුව ඇති නිසා මේ වංචාව නිසා අසහනයට පත් අයට නොමිලේ නීති සහාය ලබා දෙන බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් මේ ගැටලුව නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකයා එහිදී පැවසුවේය.

මේ වන විට මෙම වංචාවට අදාළව එක් අයකු පමණක් අත්අඩංගුවට ගත්තත් තවත් අය සිටින නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලපෑම් කරන බවයි හෙතෙම සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක ජනජනවාරි 20,කොළඹ LNW : වතු කම්කරුවන්ගේ ජීවන...

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...