හංගේරියානු ආධාර යටතේ නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

Date:

මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට එළඹ ඇති ගිවිසුම යටතේ මෙරට ජාතික මාර්ග පද්ධතියේ වාහන තදබදය අවම කිරීම සඳහා නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව,

  1. මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය
  2. පස්යාල මංසන්ධිය
  3. මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය
  4. තලවතුගොඩ මංසන්ධිය

යන ස්ථානවල නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීමට යෝජිතය.

මීට අමතරව, හංගේරියානු සහන මූල්‍ය ආධාර ගිවිසුම යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...