බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් වශයෙනුත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් වශයෙනුත් එම ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.
කෙසේවෙතත් මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 55 – 65 අතර පවතී.
RN